කොළඹ මග දෙපස ගස් 100,000ක්. 300ක් අවදානම් !

Published in පුවත්
Tuesday, 14 November 2023 11:37

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුල පමණක් මාර්ග දෙපස ගස් 100000ක් තිබෙන බව හඳුනාගෙන තිබෙන අතර මේ අතරින් ගස් 300ක් පමණ අවදානම් තත්වයේ තිබෙන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.



පසු ගිය කාලයේ අධික වර්ෂාපතනය සහ දැඩි සුළං  තත්වය හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල මෙන්ම කොළඹින් බැහැර ප්‍රදේශ වල ද විශාල ගස් කඩා වැටීම නිසා අනතුරුදායක තත්වයන් නිරීක්ෂණය විය. ඒ අනුව එවැනි අනතුරුදායක ගස් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සඳහා අදාල පළාත් පාලන ආයතන වලට අවශ්‍ය දැනුම් දීම සිදු කර තිබේ.

අනතුරුදායක ගස් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සඳහා මෙතෙක් නිශ්චිත ආයතනයක් නොමැති වීම නිරීක්ෂණය වූ අතරම ගස් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමේ බලය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට ලබා දීම තුලින් ඒ හා සම්බන්ධ කටයුතු විධිමත්ව සිදු කිරීමටත් කටයුතු කරනු ලැබේ.

ඒ අනුව අදාල පළාත් පාලන ආයතනය හා එක්ව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ගස් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කිරීම ඉදිරියේදී සිදු කරනු ඇත.ඒ සම්බන්දයෙන් කටයුතු කිරිම අදාල ප්‍රාදේශීය සභාවට හෝ නගර සභාවට පැවරෙන රාජකාරියක් බවට පත් කෙරෙනු ඇත.

මේ වන විට මාර්ගය දෙපස විශේෂයෙන්ම පැළ සිටුවීමේදී කිසිම අනු දැනුමකින් හෝ අවසරයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ආකාරයේ වෘක්ෂ ලතාවක් රෝපණය කිරීමට අවසර තිබුනද මෙම තත්වය සුභවාදිව දැකිය නොහැකිය. මාර්ගය දෙපස පැළ කිරීම සඳහා යෝග්‍ය වෘක්ෂ ලතා හඳුනා ගැනීමටත් ඒ පිළිබඳව මහජනයා දැනුවත් කිරීමටත් බලාපොරොත්තු වේ.

තවද මාර්ගය දෙපස තිබෙන වෘක්ෂලතා පිලිබඳ තොරතුරු ලබා ගෙන එම සෑම ගසකටම අදාල වන පරිදි ලිපි ගොනුවක් විවෘත කිරීමටත් එම තොරතුරු දත්ත පද්ධතියට ඇතුලත් කිරීම හරහා වෘක්ෂ ලතා වල ඉදිරි ආයු කාලය හඳුනා ගැනීමටත් පළාත් පාලන ආයතන වෙත යෝජනා කර තිබේ.

පවතින ආපදා තත්වය තුල ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු සාමාජිකයින් දිවා රෑ වෙහෙස මහන්සි වෙමින් මෙම තත්වයෙන් මහජනතාව සුරක්ෂිත කර ගැනීම සඳහා අවශ්‍ය සියලු ශ්‍රමය සහ කැපවීම් සිදු කරමින් පවතී. ඒ වෙනුවෙන් ඔවුන්ට ගෞරවය සහ ස්තුතිය පුද කර සිටින අතරම අවශ්‍ය සහන ලබා දීම සඳහා අවශ්‍ය මුල්‍ය සම්පාදනය කඩිනම් කිරීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ටද ස්තුතිය පුද කර සිටින් බවත් එම නිවේදනයේ සඳහන්ය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us