පාර්ලි. මන්ත්‍රීන්ට පර්මිට් එකක්වත් දීලා නැහැ ! ඉරාන්ගෙන් මැසිවිලි

Published in පුවත්
Wednesday, 15 November 2023 08:28

අය – වැයට නව යෝජනා ඉදිරිපත් කරන බව සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පාර්ලිමේන්තුවේදී ඊයේ (14) පැවසීය.

මෙවර ඉදිරිපත් කළ අය – වැයට වඩා හොඳ යෝජනා විපක්ෂයට තිබේ නම් ඒවා ඉදිරිපත් කරන ලෙසට ජනාධිපතිවරයා කළ ආරාධනාව පිළිගෙන අය – වැයට නව යෝජනා ඉදිරිපත් කරන බවයි මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න කියා සිටියේ.

අය – වැය සඳහා විපක්ෂය ඉදිරිපත් කරන යෝජනා පුළුවන් නම් කරලා පෙන්වන්න කියා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් මෙරට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේ නම් රටේ ආර්ථිකය ගොඩනැංවිය හැකි බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

''අය-වැය 2024 ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යතුමා අපිව ඩිස්නිලන්තයේ විනෝද චාරිකවක රැගෙන ගියා. පොරොන්දු දේශපාලනයෙන් රට බංකොලොත් කළා යනුවෙන් වූ ජනපතිතුමන්ගේ කතාවේ සත්‍යතාවක් තිබෙනවා.පෞද්ගලික අංශයේ අයට කිසිදු දෙයක් මෙවර අය – වැයෙන් ලැබුණේ නැහැ. බදු ප්‍රතිපත්තිය විවිධ වෙනස්කම් නොමැතිව පැවැතිය යුතුයි.

ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි ලෙස කළ යුතුයි. නීතිය ක්‍රියාත්මක කළ හැකි නම් ආර්ථිකය හැදිය හැකියි. අල්ලස් ගත් ඒවාට අධිකරණ තීරණ දීලා තිබෙනවා. ඒ අයත් පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්නවා. විශ්වවිද්‍යාල ගැන මෙහිදී කතා කරලා තිබෙනවා. අය – වැය යෝජනාවන් හොඳයි. අය – වැය කාර්යාලයක් තිබිය යුතුයි. එවැනි දේවලට අපිත් අත් දෙකම උස්සලා සහාය දෙනවා. මේ කාර්යාල ස්වාධීනව ක්‍රියාත්මක විය යුතුයි. ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් විවෘත කරන්න කියලා මම යෝජනා කරනවා.

අලුත් වාහන ගෙන ඒම ගැන මම හොයලා බැලුවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන්ට පර්මිට් එකක්වත් දීලා නැහැ. ආරක්ෂක අමාත්‍යාංශයට පසුගිය අය-වැයෙන් සියයට 7ක් වෙන් කළා. මෙවර එය අඩු වෙලා තිබෙනවා. සෑම පුරවැසියන් සියයකටම වැඩිම සොල්දාදුවන් සිටින රටවල් 10 අතර ලංකාවත් තිබෙනවා. ඔවුන්ට අලුත් අනාගතයක් නිර්මාණය කිරීමට හොඳ අධ්‍යාපන පුහුණුවීම් ලබා දෙන්න කියලා අපි යෝජනා කරනවා. නීති විරෝධී වෙළෙඳ ප්‍රවාහයක් තිබෙනවා. අපනයනය වැඩි කිරීමට හොඳ යෝජනාවක් ගෙනැවිත් තිබෙනවා'' යැයිද මන්ත්‍රී වරයා පැවසීය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us