මෙවර අය වැයෙන් අධ්‍යාපනයට වැඩි ඉඩක් ලබාදීම සුබවාදියි

Published in පුවත්
Wednesday, 15 November 2023 16:10

ශ්‍රී ලංකා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ උපකුලපති සහ රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රභාත් වීරසිංහ අධ්‍යාපනයට වැඩි ඉඩක් ලබා දීම සුබවාදී බව පැවැසීය.

 2024 අය වැය සම්බන්ධයෙන්  ඔහු පවසා සිටින්නේ රට තුළ පවතින අසීරු තත්වයන් දුරු කිරීම සදහා යෝජනා ඇතුළත් අයවැයක් බවයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ,

‘‘අප මේ වන විට ආර්ථිකය කඩා වැටුණු රටක් ලෙස නම් කර අවසානයි. මේවායේ බිඳ වැටීම් ඇති වූ විට රටක්, සමාජයක් නොවෙයි. පවුලක් හරි ගොඩ ගියා නම්, ගොඩ ගියේ ගොඩ යන්නේ එකම එක් ප්‍රධාන කාර්යයක් ඉටු කිරීමෙන් පමණයි. ඒ තමයි තමන්ගේ රටේ මානව සම්පත දැනුමින්, කුසලතාවයෙන් සන්නද්ධ කිරීම තුළින් පමණයි. ජනාධිපතිතුමා අපේ රට ගොඩ- නැඟිය හැකි හොඳම මාර්ගය අධ්‍යාපනය දියුණු කිරීමෙන්, මානව සම්පත බලගැන්වීමෙන් පමණයි කියන පණිවුඩය මනාව අවබෝධ කරගෙන ඉන්න කෙනෙක්. ඒ නිසාම එතුමා මෙවර අය වැයෙන් අධ්‍යාපනයට කළ යෝජනා ඉතාම වටිනවා.

අපේ රටේ සාමාන්‍යයෙන් පෙර පාසල් අධ්‍යාපනයට පිවිසි විශ්ව- විද්‍යාල අධ්‍යාපනය ලැබීමට තරම් සමත්කම් දක්වන්නේ ශිෂ්‍ය- යන්ගෙන් 05%ක්, 06%ක් පමණයි. ඉතිරි පිරිස අතරමඟ නතර වෙනවා. ඉතින් අධ්‍යාපනය බලගැන්වීමට රජය කටයුතු කළ යුතු- මයි කියා සමහරු කියනවා. මේවගේ දෙයක් වෙන්නේ දරුවන්ගේ වරදින් නොවෙයි. අපේ රටේ පවත්වන අධ්‍යාපන ක්‍රමයේ තිබෙන දුර්වලතා, අඩු- පාඩු නිසාත් මේ දේ වෙනවා. අපි ඔක්කෝටම එකම ආකාරයේ හැකියාවක් නැහැ. එක එක්කෙනාට විශේෂ වූ හැකියාවන් තියෙ- නවා. කුසලතා තියෙනවා. ඒවා මතු කර ගෙන මුළු රටේ, සමා ජයේ දියුණුවට ඒවා දායක කර ගැනීමයි අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ. ඒ අරුතින් බැලූ කළ අධ්‍යාපනයට වැඩි ඉඩක් ලබා දිය යුතුයි.

මෙවර අය වැයෙන් අධ්‍යාපනයට ලබා දුන් දිරිදීම් ගැන මා දකින්නේ  රටේ අනාගතය සශ්‍රීක කරන්නට, යුගයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදීමට යෝජනා කළා කියලා.  දැන් තිබෙන්නේ යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමයක්. ඒ නිසා පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් සිදු කිර්මට යෝජන කළා. විශේෂයෙන් අධ්‍යාපනය පිළිබඳ ජාතික උසස් කවුන්සිලයක්, ජාතික උසස් අධ්‍යාපන කොමිසමක්, ජාතික නිපුණතා කොමිසමක් ඇතිකිරීමට යෝජනා කොට තිබෙනවා. මේවා ඇත්තටම මීට කලින් විය යුතුව තිබූ කාර්යයන්.

අවංකවම මේ නව වැඩපිළිවෙළ හරහා සිදු විය යුත්තේ ගිරාපෝතක අධ්‍යාපන ක්‍රමවේදයක්. විභාග පාස් වී පොතේ ගුරුන් වීම නොව ප්‍රායෝගික දැනුම, අවබෝධය තියෙන සක්‍රිය සමාජ ක්‍රියාකාරික ශිෂ්‍ය පරපුරක් බිහි කිරීමයි. ඒ සඳහා වෘත්තීය අධ්‍යාප- නය, නව ලොව තාක්ෂණික දැනුම හා අලුත් විෂය ක්ෂේත්‍රයන් තුළ පවතින නව ප්‍රවණතා හඳුනා ගත්, ඉගෙන ගත් දරු පරපුරක් බිහි කළ යුතුයි.

දැනට පවතින උසස් අධ්‍යාපන ආයතන ව්‍යුහයේ වෙනස්කමක් සිදු කළ යුතුයි. රජයේ විශ්වවිද්‍යාල දැනට පවතින ආකාරයටම ඒවායේ ගුණාත්මකභාවය, ප්‍රමි- තිය රැක ගනිමින් ඉදිරියට ගෙන යා යුතුයි. ඒ අතරම පෞද්ගලික අංශයේ විශ්වවිද්‍යාල වැඩි සංඛ්‍යාවක් ආරම්භ කළ යුතුයි. අපේ රටේ දරුවන්ට පමණක් නොව පිටරටවල දරුවන්ටත් මෙහි පැමිණ උසස් අධ්‍යාපනය ලැබීමට හැකි පහසුකම් අපේ රටේ ඇති කළ යුතුයි. ඒ හරහා අපට අපේ දරුවන්ට ලෝකය හා සහසම්බන්ධ වීමට වැඩි ඉඩක් සපුරා දිය හැකියි.

ඒ වගේම විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනය පුළුල් කිරීමට කළ යෝජනාව වටිනවා. ඊටත් වඩා වටින්නේ දැනට පවතින පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන කිහිපයක් විශ්වවිද්‍යාල බවට පත් කිර්මට ක්‍රියා කිරීමයි.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙවැනි පුළුල් කිරීම් සිදු කිරීමට යෑම, අධ්‍යාපනය විනාශ කිරීමක්, විකුණා දැමීමක් කියා සමහරු උද්ඝෝෂණය කරනවා. විරෝධතා ගොනු කරනවා. අපට තවදුරටත් මේ මුළාවේ ගිලී සිටීමට බැහැ. අප අපිම කල්පනා කර බැලිය යුත්තේ ලෝකයේ අප සමඟ සම සමව නොවෙයි. අපිට පිටුපසින් සිටි රටවල් අද සිටින්නේ කොහේ- දැයි කියලයි. ඔවුන් දියුණු වුණේ අධ්‍යාපන දියුණු කිරීමෙනුයි. අපිත් දැන් ඒ තැනට යා යුතුමයි. බංකොලොත් රටක් ගොඩනැඟිය හැක්කේ මානව සම්පත දැනුමින් සන්නද්ධ කිරීමෙන් පමණයි. ඒ නිසා මතු වන විරෝධතා ගැන එතරම් අවධානයක් යොමු කළ යුතුයැයි මා සිතන්නේ නැහැ.

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල නියාමනය සඳහා බලවත් නීතිර්ති මාලාවක් සකස් කළ යුතුයි. ඒ හරහා අපට ලෝකයේ ඕනෑම පෞද්ගලික විශ්ව- විද්‍යාලයක ශාඛා මෙහි ආරම්භ කළත් ඒවා නියාමනය කළ හැකි වෙනවා. එය තමයි වෙන්නත් වුවමනා. මොකද? රජයට තනිවම රටේ තරුණ තරුණියන්ගේ අනාගත රැකියා ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්න බැහැ.” යනුවෙනි.

 

 

RS

Leave a comment

 

ld add copy

Gossip

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට   

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට  

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී...

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

Connet With Us