පසුගිය අයවැයට පක්ෂ අයට මෙවර අයවැයට විරුද්ධ වෙන්න හැකියාවක් නැහැ - නාමල්

Published in පුවත්
Wednesday, 15 November 2023 13:54

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය රට මුහුණ දී ඇති අර්බුදයෙන් එළියට ඒමට විසඳුම් නොමැති අයවැයක් බව පැහැදිලි පැහැදිලිව පෙනී යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  පවසා සිටියි.

නමුත් අයවැය පරාජය කිරීමේ වගකීම විපක්ෂයට පැවරී ඇති බව ද පැවසූ ඔහු විපක්ෂ නායකයා අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර එය සිදු කළ යුතු බව ද පැවසීය.

ඔහු මේ බව සඳහන් කලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය දී එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමඟ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

විපක්ෂය අයවැය පරාජය කිරීමට අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා නොකර අයවැයට අභියෝග කිරීමෙන් ඵලක් නැතැයි ද කී මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා හා විපක්ෂ නායකවරයා කොළඹ නියෝජනය කිරීම නිසා කොළඹ නගරය සීමාවට සහන ලැබෙන්නට ඇති බවද පැවසීය.

කෙසේ නමුත් මෙවර අයවැයෙද පසුගිය අයවැයට ඇතුළත් වූ බොහෝ දේ තිබීම නිසා පසුගිය අයවැයට පක්ෂ වූ කෙනෙකුට ඊට විරුද්ධ වීමට හැකියාවක් නැති බවද ඔහු කියා සිටී.

නමුත් පසුගිය අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක නොකර නැවත ඉදිරිපත් කිරීම සාධාරණ දැයි ගැටලුවක් ඇති බවද හෙතෙම තව දුරටත් කියා සිටියේය.

Last modified on Wednesday, 15 November 2023 15:50

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us