ආගමික ස්ථාන සඳහා සූර්යය බලයෙන් විදුලිය

Published in පුවත්
Thursday, 16 November 2023 11:40

මෙම වසර අවසන් වන විට ආගමික ස්ථාන සඳහා සූර්යය බලයෙන් විදුලිය ලබ‍ා දීමේ ව්‍යාපෘතියේ පළමු අදියරේ වැඩ කටයුතු අවසන් කළ හැකි බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කරයි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම උදෙසා ඉන්දීය රජයෙන් ලැබෙන ආධාර ව්‍යාපෘතිය යටතේ ආගමික ස්ථානයන්හි සූර්යය බල පද්ධති සවිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී බිදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව පැවැසී ය.

එහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේ ය.

මෙම ව්‍යාපෘතිය යටතේ බෞද්ධ විහාරස්ථාන සහ සියලුම ආගම්හි ඉගැන්වීම් මධ්‍යස්ථාන වශයෙන් ක්‍රියාත්මක වන ආයතන සඳහා ව්‍යාපෘතිය යටතේ සහන සැපයීම සිදුකල යුතු බවත්, බිමමත සවිකරනු ලබන (Ground Mounted) සුර්යය පැනල පද්ධතියක ඇති වැඩි වාසි සලකාබලා ඒ මඟින් උපයන විදුලිය, ජාතික පද්ධතියට ලබාදී ආගමික ස්ථානයන්හි විදුලි පරිභෝජනය සඳහා යම් සහනයක් ලබාදීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.

ශ්‍රී පාදස්ථානයේ උඩමළුව හැරුණු කොට වන්දනාමාන කිරීමට පැමිණෙන මාවත සහ අනෙකුත් ස්ථාන සඳහා සුර්යය විදුලිබලය මඟින් විදුලිය ලබාදීමට ක්‍රමවේදයක් සකසන බවත්, කතරගම පුජාභූමිය වැනි පුජා ස්ථාන සඳහා ද මෙම ව්‍යාපෘතිය ඔස්සේ සහන සැපයීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවැසීය.

මෙම ඉන්දීය මුල්‍ය ප්‍රදාන ව්‍යාපෘතිය යටතේ ආගමික සිද්ධස්ථාන 2000ක් පමණ ආවරණය කිරීමට නියමිත ය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us