රත්තරන් ජෙල් ගෙනා තරුණයා රේගුවේදී අල්ලයි !

Published in පුවත්
Friday, 17 November 2023 12:50

කිලෝ 6කට අධික බරකින් යුත් රුපියල් කෝටි 11ක් වටිනා රත්රන් ජෙල් කරල් 16ක් මෙරටට ගෙනා පුද්ගලයෙක් ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී රේගු නිලධාරීන් විසින් ඊයේ (16) දින අත්අඩංගුවට ගනු ලැබීය.



සැකකරු නීති විරෝධීව ගෙනා රන් තොගයේ බර කිලෝ 06යි ග්‍රෑම් 423යි මිලිග්‍රෑම් 09කි.

රේගු භාරයට ගෙනා රත්‍රන් ජෙල් තොගය රජයේ රස පරීක්ෂක වෙත විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීම සඳහා යොමු කර ඇති බවත් ඔහුගේ ජංගම දුරකතනය සම්බන්ධයෙන් ද විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ  පැවැසීය.

රේගු නිලධාරීන් වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ. මෙම සැකකරු ඩුබායි සිට පැමිණ ඇත. රේගු පරීක්ෂණයෙන් අනතුරුව සැකකරුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව රේගුව පැවැසීය.

ලද තොරතුරු මත සැකකාර ගුවන් මගියා පැමිණි ගුවන්යානය තුළදීම අත්අඩංගුවට ගත් බවත් 32 හැවිරිදි සැකකරු කොළඹ – 02 කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් රේගුව පැවැසීය.

Last modified on Friday, 17 November 2023 13:40

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us