ඉතිහාසයේ පළමුවරට ජනතාව රතිඤ්ඤා පත්තු කළ අයවැය

Published in පුවත්
Friday, 17 November 2023 13:12

ජනාධිපතිවරයා අය වැය ඉදිරිපත් කර අවසන් වූ විට ජනතාව ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව රතිඤ්ඤා පත්තු කළ අවස්ථාවක් මෑත ඉතිහාසයේ දක්නට නොලැබුණ ද, මෙවර අය වැයේ දී එය දැක ගැනීමට හැකි වීම සුවිශේෂී අවස්ථාවක් බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේ දී ඊයේ (16) පැවසුවාය.

රටේ ආර්ථික අර්බුදය ඇතුළු බොහෝ ප්‍රශ්නවලට සාධනීය විසඳුම් ලබාදෙන දිශානතියක් තිබෙන අය වැයක් බව ද ඇමැතිවරිය පැවසුවාය.

අය වැය දෙවැනි වර කියවීමේ තෙවැනි දින විවාදයට එක්වෙමින් ඇමැතිවරිය මේ බව පැවසීය.

''ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයකින් පසුව එයින් ගොඩ ඒමට සකස් වූ අය වැයක් ලෙස මෙවර අය වැය ඉතාම වැදගත්. මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම මඟින් ජාතික ආර්ථිකය ගොඩගැනීමේ අභියෝගයක් පවතිනවා. 2024 වසරේදී මැතිවරණ පැවැත්වීම ගැන අවධානය යොමු නොකිරීම මේ අය වැයෙන් සිදු කළ යුතු බව මගේ විශ්වාසයයි. විපක්ෂයේ රටට ආදරය කරන බුද්ධිමත් බොහෝ දෙනකු මේ අය වැය ගැන විග්‍රහයක් මාධ්‍ය මඟින් ඉදිරිපත් කළා. එය යහපත් ක්‍රියාවක්. අය වැය ඡන්දය විමසන අවස්ථාවේත් එය එසේ වේවි කියලා මම හිතනවා. යල් පැන ගිය දේශපාලන ප්‍රතිපත්ති අපි වෙනස් කළ යුතුයි''

 -P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us