තේ අස්වැන්න පස් ගුණයකින් වැඩි කරන අධි ඝනත්ව වගා ක්‍රමයක්

Published in පුවත්
Saturday, 18 November 2023 12:23

මෙරට තේ වගාවෙන් ලැබෙන අස්වැන්න ඉහළ නැංවීම සඳහා අධි ඝනත්ව වගා ක්‍රමය හා නව තාක්ෂණය ප්‍රචලිත කිරීමට කටයුතු කරන්නැයි කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර කුඩා තේවතු සංවර්ධන අධිකාරියට හා තේ සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

පසුගිය 16වැනිදා අමාත්‍යවරයා වැලිපැන්න පේරගස්වත්ත අධි ඝනත්ව තේ වගාව නිරීක්ෂණය කළේය.

කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ මාර්ගෝපදේශකත්වය හා මුල්‍ය ප්‍රතිපාදන යටතේ අධිඝනත්ව වගා ක්‍රමය මෙන්ම විසිරි ජල බින්දු තාක්ෂණය යොදා ගනිමින් වගා කර ඇති අක්කර හතහමාරකින් සමන්විත මෙම වගාව අතිසාර්ථක අස්වැන්නක් ලබා දී තිබේ.

සාමාන්‍ය තේ වගා ක්‍රමය අනුව අක්කරයක තේ පැළ 6500ක් රෝපණය කළ ද මෙම අධිඝනත්ව වගා ක්‍රමය යටතේ තේ පැළ 13000ක් රෝපණය කළ හැකිය. එමෙන්ම සාම්ප්‍රධායික ක්‍රමය අනුව අක්කරයකින් එක්වර නෙළාගත හැක්කේ තේ දළු කිලෝ ග්‍රෑම් 300ක් වුවද, මෙම ක්‍රමය යටතේ තේ දළු කිලෝ ග්‍රෑම් 1500ක ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකිවේ.

එමෙන්ම තේ දළු නෙලීම සඳහා නව තාක්ෂණික උපකරණ ද පහසුවෙන් යොදා ගැනීමට හැකි වන නිසා මිනිස් ශ්‍රමය වැඩිපුර අවශ්‍ය වන්නේ ද නැත.

එමනිසා ආදායම පස් ගුණයකින් පමණ ඉහළ නංවා ගැනීමට වගා කරුවන්ට හැකි වේ. අවම ජල ප්‍රමාණයක් හා අවම පොහොර ප්‍රමාණයක් මගින් මෙම අධිඝනත්ව තේ වගාව සිදු කළ හැකි වීම ද විශේෂත්වයකි.

කුඩා තේවතු සංවර්ධන අධිකාරිය හා තේ සංවර්ධන මණ්ඩලය විසින් දැනට මෙවැනි ආදර්ශ තේ වගා ව්‍යාපෘති 52ක් ක්‍රියාත්මක කර තිබේ.

එමෙන්ම එම වගා කරුවන්ට අක්කරයක‌ට රුපියල් ලක්ෂ 10ක් බැගින් මුල්‍යාධාර ලබා දී ඇති අතර එම මුදල් නැවත අය කර ගැනීමකින් තොරව ලබා දී ඇත.

අවම ඉඩම් ප්‍රමාණයකින් වැඩිම අස්වැන්නක් ලබා ගත හැකි අතර ගුණාත්මක භාවයෙන් ඉහළ තේ අස්වැන්නක් ද මෙමගින් ලබා ගැනීමට හැකිවේ. එමනිසා මෙම අධිඝනත්ව තේ වගා ක්‍රමය අනෙකුත් වගා කරුවන්ටත් හඳුන්වා දීම සඳහා ඔවුන් දිරි ගන්වන ලෙසත්, 2024 දී මෙම කටයුතු පුළුල් කිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා සභාපතිවරුන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළ පරිදි 2024 වර්ෂය තුළ නව තාක්ෂණය කෘෂි හා වැවිලි ක්ෂේත්‍රයට එක් කිරීම තම අරමුණ බව කී අමාත්‍යවරයා වගාබිම්වලින් උපරිම අස්වැන්නක් ලබා ගැනීමට කටයුතු කිරීමට සියලු නිලධාරින් කැප වී කටයුතු කළ යුතු බව ද සඳහන් කළේය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us