මාලේ සිට ජනපති යළිත් දිවයිනට

Published in පුවත්
Saturday, 18 November 2023 12:38

මාලදිවයිනේ සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි දිවයිනට පැමිණ තිබේ.

මාලේ නුවර සිට අද (18) උදෑසන 09යි 30ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළගා වූ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බව ගුවන් තොටුපොළ සඳහන් කරයි.

මාලදිවයිනේ නව ජනාධිපති මොහොමඩ් මුයිසුගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 16 වැනිදා පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

කෙසේවෙතත් මාලදිවයිනේ නව ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු එම ධුරයේ දිවුරුම්දීමේ උත්සවය ඊයේ(17) මාලේහීදි පැවති අතර ඊට සහභාගීවූ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය උණුසුම් සුබපැතුම් මාලදිවයින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූයේය.

මෙම අවස්ථාවට සහභාගි වන ලෙස අසල්වැසි රටවල නායකයින් ඇතුළු අමුත්තන් 3000කට අධික පිරිසකට ආරාධනා කර තිබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

නව ජනාධිපති මුයිසු, සිය සමාරම්භක දේශනයේදී, “වෙනත් ඕනෑම රටක ආරක්‍ෂක රතු රේඛාවට” ගරු කරන බවට ප්‍රතිඥා දුන්නේය. ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඉන්දියන් සාගර දූපත් සමූහයට “ඝන රතු ඉරක්” ඇති බව ඔහු අවධාරණය කළේය.

සැප්තැම්බර් මාසයේ පැවති මාලදිවයින් ජනාධිපතිවරණයෙන් ආචාර්ය මුයිසු ජයග්‍රහණය කළේ, දෙවන වටයේ දෙවැනි වටයේ දී වත්මන් ඊබ්‍රාහිම් සෝලි පරාජය කරමිනි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us