IMFදෙවන වාරිකය ලබන මාසයේදී -නිමල් සිරිපාල

Published in පුවත්
Monday, 20 November 2023 10:09

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දුන් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ වන දෙවැනි ණය වාරිකය නිදහස් කිරීම දෙසැම්බර් මාසය වන විට සිදු වනු ඇතැයි විශ්වාස කරන බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් පසුගියදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් සදහන් කර ඇත.

එහිදී අමාත්‍යවරයා සදහන් කලේ මෙවර ඉදිරිපත් කළ අයවැය කෙටි කාලීන ලාභ අපේක්ෂාවකින් තොරව, කඩාවැටුණ ජාතික ආර්ථිකය ගොඩනැගීමේ දිගුකාලීන වැඩපිළිවෙළක තවත් ආරම්භයක සලකුණක් බවයි.

ඇතැමුන් මෙවර අයවැය මැතිවරණ අයවැයක් ලෙස හඳුන්වන නමුත් මෙය එවැනි මැතිවරණ අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ අයවැයක් නොවන අතර එය මැතිවරණ ඉලක්ක කර ඉදිරිපත් කළ අයවැයක් නම් සංවර්ධනයට අදාළ යෝජනා හා ප්‍රතිපත්ති සියල්ල අමතක කර ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ගත යුතු අසීරු තීන්දු තීරණ නොගෙන සිටීමට තිබු අයවැයක් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

“රනිල් වික්‍රමසිංහ මහතා දුෂ්කර වගකීම භාර ගෙන තම ප්‍රතිපත්තිය පැහැදිලිව ඉදිරිපත් කළා. තමන් ක්‍රියාත්මක කරන්නේ කෙටි කාලීන ජනප්‍රිය ව්‍යාපෘති නොව දීර්ඝ කාලීනව රට ගොඩනගන ව්‍යාපෘති බවද ඔහු අවධාරණය කළා. මේ ප්‍රතිපත්තිය සමඟ ජාතිය ගොඩනැඟීමේ ගමනේ ඉදිරියට යෑමේදී ඉහත සඳහන් කළ පරිදි ජනතාවට ජනප්‍රිය සහන සැලසීමක් අපේක්ෂා කළ නොහැකියි. එහෙත් ජනාධිපතිවරයා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමට කටයුතු කර තිබෙනවා. ඒ සමඟ ජාතික ආර්ථිකය ගොඩනැඟීමේ වැඩපිළිවෙළද ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම රටේ සංවර්ධනයට බාධාවක් වූ විවිධ ප්‍රශ්න විසඳමින් රට සංවර්ධනය කරා ගෙන යෑමට අවශ්‍ය පසුබිම අප මෙවර අයවැයෙන් නිර්මාණය කර තිබෙනවා.

අප වියදම් සහ ආදයම් අතර සමබරතාවක් පවත්වාගත යුතුයි. පවතින තත්ත්වය යටතේ ජනතාවට තවත් සහන සැලසීමට නම් බදු අය කිරීම වැඩි කරන්න සිදු වනවා. මේ යන්ත්‍රණය ජනතාව තේරුම් ගත යුතුයි. වැටුප රු.10,000කින් වැඩි කළත් ඇතැම් පාර්ශ්ව වැටුප තවත් වැඩි කරන ලෙස ඉල්ලමින් සටන් පාඨ කියනවා. අපි ප්‍රායෝගිකව හිතුවොත් ඒවා ආණ්ඩු විරෝධි සටන් පාඨ පමණයි. ඒවා ප්‍රායෝගිකව කළ නොහැක්කක් බව අද මේ රටේ ජනතාවට වටහාගත යුතුයි.

“ඒ වගේම ආර්ථික පරිහානියට හේතුව ලෙස පසුගිය රජය දැවැන්ත බදු සහන සැලසීම බව විරුද්ධවාදීන් පවසනවා. ඒ විවේචනය තුළ බදු වැඩි කළ යුතුය යන්න ඔවුන් පිළිගෙන තිබෙනවා. එහෙත් බදු වැඩි කළත් ඊට එරෙහිවද සටන් පාඨ මතු කරනවා. මේ අනුව ඔවුන් එකිනෙකට පරස්පර මත දෙකක් ඉදිරිපත් කරනවා. ජනතාව මෙය තේරුම් ගත යුතුයි. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය දෙසැම්බර් වන විට අප වෙත නිදහස් කරනු ඇතැයි අප විශ්වාස කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදලට වඩා අපට වැදගත් වන්නේ ඒ හරහා අනෙකුත් ණය දෙන්නන් අප කෙරෙහි තබන විශ්වාසයයි. ඒ හරහා වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු කිරීමේ අවස්ථාව අපට හිමි වනවා. ඒ වගේම අපේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කරගත් පසු රටේ ඇනහිට ඇති සියලු සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යෑමට හැකි බවද සඳහන් කළ යුතුයි.”

 

-P.M

Leave a comment

 

ld add copy

Gossip

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට   

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට  

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී...

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

Connet With Us