ගල්අඟුරු බදු මුදලින් 70% ක් එහි නිලධාරීන් බෙදා ගනී

Published in පුවත්
Tuesday, 21 November 2023 08:00

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට ගල්අඟුරු ගෙන ඒමේදී අයකරගත් බදු මුදලින් සියයට හැත්තෑවක් එහි නිලධාරීන්ගේ ත්‍යාග සහ සුබසාධනය වෙනුවෙන් වෙන් කිරීම පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි අවධානය යොමුවිය.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට ගල්අඟුරු ගෙන ඒමේදී නිවැරදි තොරතුරු අනාවරණය නොකිරීම මත අඩුවෙන් අයකර තිබූ රුපියල් කෝටි 18 කට ආසන්න වැට් බද්ද අතිරේක බද්දක් ලෙස අයකර නොගෙන රුපියල් කෝටි 20කට වැඩි දණ්ඩනයක් පනවා එම ලැබුණු මුදලින් සියයට හැත්තෑවක් නිලධාරීන්ගේ ත්‍යාග සහ සුබසාධනය වෙනුවෙන් වෙන් කර ඇතැයි මෙහිදී සඳහන් විය.

මේ සම්බන්ධයෙන් කමිටුව කරුණු විමසූ අවස්ථාවේදී රේගු නිලධාරීන් පවසා ඇත්තේ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර මෙවැනි දේවල් නැවත ඇති නොවීමට වැඩපිළිවෙළක් සකස් කරන බවයි.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us