දර්ශන හඳුන්ගොඩ CIDයට | ඇමතිට දුන්නු ලක්ෂ 2900ට මොකද කළේ ?

Published in පුවත්
Tuesday, 21 November 2023 11:25

ජාතික ක්‍රීඩාවන් හි අභිවෘර්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මිලියන 290කට ආසන්න මුදලක් ක්‍රීඩා අමාත්‍යංශය වෙත ප්‍රදානයක් වශයෙන් ලබා දුන් බව පසුගිය දා (2023.11.11) මාධ්‍ය හමුවක් කැඳවමින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශම්මි සිල්වා ප්‍රකාශ කරනු ලැබුවේය.

එහි දී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම මුදල් වියදම් කළ ආකාරය සැක සහිත බවත්, ඒවා පිළිබඳ කිසිඳු වියදම් වාර්තාවක් ක්‍රිකට් පාලක මණ්ඩලයට ලබා නොදුන් බවත්ය.

ඉන් දින කිහිපයකට පසුව ඊට අදාළ සියලු වියදම් වාර්තා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙතත්, මාධ්‍ය වෙතත් නිකුත් කළ ක්‍රීඩා අමාත්‍යවරයා අදාළ චෝදනාවන් සියල්ල එකහෙළාම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

නමුත් එම වාර්තාවන්හි රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍ය ධුරයට පත්වීමට පෙර එනම් 2021 සහ 2022 වර්ෂවල යම් යම් සංවර්ධන ව්‍යාපෘතීන් හි වියදම් පවා එම වාර්තාවෙහි ඇතුළත්ව තිබීමත්, අනෙකුත් වියදම් වලින් බොහෝමයක් අසත්‍ය කරුණු බවත් පවසමින් සිවිල් ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ ඇතුළු පිරිසක් නීතිවිරෝධී දේපළ හා වත්කම් පිළිබඳ විමර්ශන කොට්ඨාසය වෙත අද පැමිණිල්ලක් බාරදීමට නටයුතු කර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us