යුධ හමුදාවේ තනතුරු දෙන්නේ ලොක්කන්ගේ ගොට්ටන්ට ද ?

Published in පුවත්
Tuesday, 21 November 2023 12:37

ශ්‍රී ලංකා යුධ හමුදාවේ මාණ්ඩලික ධුරය පසුගිය දහතුන් වැනි දින පුරප්පාඩු වූ අතර ඉන් ස්වල්ප දිනකට පසු නියෝජ්‍ය මාණ්ඩලික ධුරය ද පුරප්පාඩුව විය. ශ්‍රී ලංකා යුද හමුදාව සම්ප්‍රදායානුකූල මාණ්ඩලික ප්‍රධානි ධුරය සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධුරය සඳහා නිලධාරීන් පත් කිරීම එම පුරප්පාඩු වන සැනින් සිදු කරනු ලැබේ.

එහෙත් ඔක්තෝබර් මස 13 වන දින සිට මේ දක්වා මාණ්ඩලික ප්‍රධානී ධුරය සඳහා ස්ථිරපත් කිරීමක් සිදු කර නැත. නමුත් ඊට සුදුසුකම් සපුරා ඇති ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන නැගෙනහිර ආඥාපති ධුරයේ සිට ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයට මාරු කර වැඩබලන මාණ්ඩලික ප්‍රධානී ධුරයේ පිහිටුවීම කර ඇති නමුත් ස්ථිර කර නැත. මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන පසුගිය යුධ සමයේ 58 වැනි වැනි සේනාංකයට අනුයුක්ත වූ සිටි ඇති අතර ඉන්පසු පසුව අණදෙන නිලධාරියා වරයා වශයෙන් ද පසුව 1 කාර්ය සාධක බළකායට එක්විය. ඉන්පසුව පළවෙනි කාර්ය 1 කාර්ය සාධක බළකාය සමග එක්වී 8 වැනි සිංහ අණ දෙන නිලධාරියා ද ලෙස වෙල්ලමුල්ලි වයික්කාල් අත්පත් කරගැනීම දක්වා තම භට කණ්ඩායම් මෙහෙය වූ දක්ෂ නිලධාරියෙකි.

priyantha
එමෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨත්වය අනුව මාණ්ඩලික ප්‍රධානි ධුරය හිමිවිය යුත්තේ ප්‍රියන්ත ජයවර්ධන වුවද මේ දක්වා ඔහුව තාවකාලිකව මාණ්ඩලික ප්‍රධානී ධුරයේ තබා ඇත. එය සම්බන්ධයෙන් ලිපිගොනු ආරක්ෂක අමාත්‍යාංශය වෙත යවා ඇතත් මේ මොහොත වන තෙක් ඒ සඳහා පිළිතුරුක් ද නැත. මේජර් ප්‍රින්ත ජයවර්ධන දෙසැම්බර් මස දොළොස් වැනි දින විශ්‍රාම යෑමට නියමිතය.

ඒ අතර මෙවැනි කෙනෙහිලිකම්වලට ලක් වූ තවත් නිලධාරියෙක් වන්නේ විදුලි සංඥා හා කාර්මික. රෙජිමේන්තුවේ සේවය කරන මේජර් ජෙනරාල් ඉන්දු සමරකෝන් වේ. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ තුන්වන ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වේ. එහෙත් ඔහුට ද නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධූරය මේ වනතෙක් හිමිවී නොමැත. එහෙත් යුද හමුදා ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටින්නේ. මෙම නිලධාරී දෙදෙනාගේම ලිපිගොනු ආරක්ෂක අමාත්‍යංශය වෙත යවා ඇති බවත් ආරක්ෂක අමාත්‍යංශයෙන් මේ සම්බන්ධයෙන් කිසිදු පිළිතුරක් දී නොමැති බවයි. අවුරුදු තිස් හතරක් තම මව්බිම වෙනුවෙන් කැපවුනු මේ මෙවැනි නිලධාරීන්ට මෙවැනි අසාධාරණකම්වලට ලක්වීම අතිශය පිළිකුල් සහගතය.

Indu

මෙම නිලධාරීන් දෙදෙනා ශ්‍රී ලංකා යුද හමුදාවේ නීති ප්‍රකාරව රාජකාරී කළ නීතිගරුක නිලධාරීන් දෙදෙනෙකු වන අතර ඔවුන්ට එරෙහිව කිසිදු පැමිණිල්ලක් ඔහු චෝදනාවක් නොමැති බව ශ්‍රී ලංකා යුධ හමුදා පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කොට සිටී. එසේ නම් මෙම නිලධාරීන් දෙදෙනාට මාණ්ඩලික ප්‍රධානී ධුරය සහ නියෝජ්‍ය මාණ්ඩලික ධුරය ලබා නොදෙන්නේ කුමන හේතුව මතදැයි යුද හමුදා හමුදාපතිවරයා වන විකුම් ලියනගේ සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න විසින් පැහැදිලි කළ යුතුව ඇත. මේ සිදුවීම තුලින් නිලධාරීන්ගේ චිත්ත ධෛර්යය කඩාවැටීම කිසිසේත් නොවැළැක්විය හැකි කරුණක් නොවේ.

මෙම නිලධාරීන් දෙදෙනා පමණක් නොව මෙලෙස අසාධාරණයට ලක් වූ තවත් නිලධාරීන් ගණනාවක් සිටී. ආරක්ෂක ලේක්ම්වරයාගේ, යුධහමුදාපති සහ ඔවුන්ට හිතවත් ඇතැම් දුෂිත නිලධාරීන්ගේ නොමනා ක්‍රියා සම්බන්ධයෙන් කළ පැමිණිළි නිසා පළිගැනීමට ලක්ව සිටින් නිලධාරීන් පිරිසක්ද යුද හමුදාව තුළ සිටී. බොරු චෝදනා නඟා එම නිලධාරීන් රාජකාරී වගකීම්වලින් තනතූරු වලින් නෙරපා හැර පළිගැනීමවලට ලක් කළද පරීක්ෂණ මඟින් එම නිලධාරීන්ගේ නිවැරදි බව තහවුරුව යළි වගකීම් හා තනතුරු පැවැරීමට ආරක්ෂක ලේකම්වරයාට සහ යුධහමුදාපතිට නිර්දේශ ඉදිරිපත්ව ඇති නමුත් මේ දක්වා ඒ පැහැරහැර තිබේ. මේ අනුව යුධහමුදාවේ පරිපාලනය පෞද්ගලික වාසි තකා පක්ෂග්‍රාහී ලෙස කටයුතු කෙරෙන බව පැහැදිලිය.

Last modified on Tuesday, 21 November 2023 12:38

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us