අධිවේගයේ සේවයට යුද හමුදාව

Published in පුවත්
Wednesday, 22 November 2023 11:32

අධිවේගී මාර්ග ජාලය පෞද්ගලිකකරණය කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් අද  (22) එහි සියළුම ශ්‍රේණිවල සේවකයන් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් එහි රාජකාරි කටයුතු යුද්ධ හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීම මත සිදු කෙරෙන බව වාර්තාවේ.

අද පෙරවරු 7 සිට  මුදල් අයකැමිවරුන් සිය රාජකාරි  කටයුතුවලින් ඉවත් වීම හේතුවෙන්  එම කටයුතු හමුදා නිලධාරින්  සිය  භාරයට ගැනුනු අතර   පැය භාගයක පමණ කාලයක්  මූලික කටයුතු සිදුකර ගන්නා තෙක් අධිවේගී මාර්ගයේ ගමන් කරන පාරිභෝගිකයන් වෙත  නොමිලේ යාම සඳහා පහසුකම් හිමිවිය.

අනතුරුව හමුදා සෙබළුන් විසින්  අධිවේගී මාර්ගයට ඇතුළු වෙන වාහන වලට  පිවිසුම සඳහන් කර  තාවකාලික රිසිට් පතක් නිකුත් කළ අතර පිටවන ප්‍රදේශයේ දී  එය පරීක්ෂාකර බලා මුදල් අය කර ගැනීම ද සිදු කෙරිණි.

2022 වසර සඳහා  අසනීප නිවාඩු සඳහා මෙතෙක් මුදල් ගෙවීමක් නොකර මාර්ග සංවර්ධන අධිකාරියට පමණක් කුඩම්මාගේ සැලකිලි දැක්වීම, අධිවේගී මාර්ගය ආරම්භ කර වසර 12 ක් ගතවී  ඇතත් මෙතෙක් අනුමත කිරීමට නොහැකි වී ඇති බඳවා ගැනීමේ පටිපාටිය හේතුවෙන් සියලුම සේවක කොටස්වලට හිමිවිය යුතුව තිබු ශ්‍රේණි උසස්වීම්,  උසස්වීම් තනතුරු මෙතෙක් නොලැබී යාමෙන් මතු වී ඇති  ගැටලු හා සිදුවි ඇති අසාධාරණයට විරෝධය පලකිරිම  ආදී කරුණු මුල්කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය  ආරම්භ කෙරිණි

-           දිනමිණ

Last modified on Wednesday, 22 November 2023 13:04

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us