රොෂාන් දඟලන්නේ රාජ යෝගය නිසයි - සුදත්

Published in පුවත්
Wednesday, 22 November 2023 12:57

රොෂාන් රණසිංහ අමාත්‍යවරයා මේ සියලු කුමන්ත්‍රණ සිදුකරන්නේ ක්‍රිකට් ක්‍රිඩාව දියුණු කිරීමට හෝ රටට ඇති ආදරය නිසාම නොවන බවත්  ඔහුගේ කේන්ද්‍රයේ බලවත් වී ඇතැයි කියන රාජ යෝගය නිසා  බවත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ හිටපු උපදේශක සුදත් චන්ද්‍රෙස්කර  මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

''විගණන වාර්තාවකට අනුව වරදක් සිදුකර ඇත්නම් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුව වරදකරුවන්ට දඬුවම් කළ යුතුය. රොෂාන් රණසිංහ ක්‍රිඩා අමාත්‍යවරයා මා හට මෙන්ම සාගල රත්නායක මහතාටත්ශම්මි සිල්වා මහතාටත් විරුද්ධවඅපගෙන් ඔහුට ජීවිත තර්ජන එල්ල වී තිබෙන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින්විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ඉල්ලා තිබෙන බව වාර්තා වේ. එහෙත් මා කිසිලෙසකත් තර්ජනය කර නොමැති අතර එය තහවුරු කර පෙන්විය හැකිය.

පසුගිය වසරේ ඩුබායිහි පැවති ආසියානු කුසලාන ජයග්‍රහණයෙන් පසුව ක්‍රිකට් ආයතනයට හා පාපන්දුරගර් වැනි මුදල් ගැවසෙන ක්‍රීඩා ආයතන සඳහා තමන්ගේ හිතවතුන් දමා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රියාත්මක කරන ලදි.

රොෂාන් රණසිංහ අමාත්‍යවරයා මේ සියලු කුමන්ත්‍රණ සිදුකරන්නේ ක්‍රිකට් ක්‍රිඩාව දියුණු කිරීමට හෝ රටට ඇති ආදරය නිසාම නොවේ. ඔහුගේ කේන්ද්‍රයේ බලවත් වී ඇතැයි කියන රාජ යෝගය නිසායි. ජනතාව චෝදනා කරන්නේ මුන් 225ම හොරුන් ලෙසට හඳුන්වමින් බව අමතක නොකළ යුතුය. ක්‍රීඩා අමාත්‍යවරයා වන ඔබත් ඒ 225න් අයෙකු වන බව තේරුම් ගත යුතු වේ. එසේ නම් ඔබත් හොරෙක්. වංචාකාරයෙක් දූෂිතයෙක්ද 

මලල ක්‍රීඩාමෝට් රේස් ඇතුළු අනෙකුත් සමාගම්වලින් උසාවියේ නඩු 285ක් පමණ ක්‍රීඩා අමාත්‍යාංශයට විරුද්ධව විභාග වෙමින් පවතී. මේ සියල්ලටම හේතුව ගැටලු නිරාකරණයට ඇති නොහැකියාව සහ හිතුවක්කාරි ලෙස පළිගැනිමේ චේතනාවෙන් ක්‍රියා කිරීමයි.''

Last modified on Wednesday, 22 November 2023 13:03

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us