සීනි බදු වංචාකරුවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක විය යුතුයි  

Published in පුවත්
Wednesday, 22 November 2023 19:31

සීනී ආනයනය කිරීමේදී ගෙවිය යුතු බදු මුදල් එක්වරම වැඩි කිරීමට කටයුතු කිරීම හරහා මේ රටේ කිහිප දෙනෙකුට දැවැන්ත වංචාවක් සිදු කිරීමට අවස්ථාව සැලසීම මඟින් රටේ සාමාන්‍ය පාරිභෝගිකයන් මත එම බර පටවා තැබීම පමා වී හෝ ඉවත් කිරීමට රජය කටයුතු කර තිබීම ඉතා වැදගත්ය බව අවධාරණය කරමින් සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය

වැරදි නිවැරදි කිරීම මෙන්ම දූෂිතයන්ට දඩුවම් ලබාදීම ද වැදගත් ය. ඒ අනුව සීනි බදු වංචාකරුවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක විය යුතුය.

"සීනී ආනයනය කිරීමේදී ගෙවිය යුතු බදු මුදල් එක්වරම වැඩි කිරීමට කටයුතු කිරීම හරහා මේ රටේ කිහිප දෙනෙකුට දැවැන්ත වංචාවක් සිදු කිරීමට අවස්ථාව සැලසීම මඟින් රටේ සාමාන්‍ය පාරිභෝගිකයන් මත එම බර පටවා තැබීම පමා වී හෝ ඉවත් කිරීමට රජය කටයුතු කර තිබීම ඉතා වැදගත්ය. ඒ ගැන අප සතුටු වන්නෙමු. එහෙත් ඒ වන විටත් ගබඩා පර්යන්ත තුළ තිබු විශාල සීනි තොග පිට වී ඇති බවට අපට ලැබී ඇති තොරතුරු අනුව පැහැදිලි වේ. එමෙන් ම පසුව තීරණය වෙනස් කළ ද මුලින් ගනු ලැබු තීරණය මඟින් මහජනතාවට දරන්නට සිදු වූ පීඩාවන් සැළකීමේදී ඒ පිළිබඳව අපි බලවත් ලෙස කණගාටු වන්නෙමු.

මෙයට පෙර අවස්ථාවක දී එක්වරම සීනි බදු අවම කිරීමට ගන්නා ලද තීරණය හේතුවෙන් රුපියල් බිලියන 16ක් පමණ වූ දැවැන්ත වංචාවක් සිදු වී ඇති ආකාරය පාර්ලිමේන්තුවේ අධික්ෂණ කාරක සභා දෙකකදී හා විගණකාධිපති වාර්තාව මඟින් ද පැහැදිලිවම හෙළිදරව් විය. එහෙත් ඒ ගැන මේ දක්වාම කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පැහැදිලි ය. එයට අමතරව සීනි, පිටි හා එවැනි අනෙකුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ආනයනයේදී ද විශාල වංචා සිදුව ඇති බව මේ වන විට ඉතා පැහැදිලිය.

මෙවැනි අයථා සිදුවීම්වලට එරෙහිව පසුගිය කාලය පුරාම අප බලවත් හඬක් නගනු ලැබූවේ ඉතාමත් සත්භාවයෙනි. එමෙන් ම අප තවදුරටත් ඉල්ලා සිටින්නේ ඉදිරියේදී මෙවැනි සිදුවීම් කිසි දිනෙක සිදු නොවීමට සියළුම බලධාරීන්ගේ වගකිම වන බවය. එමෙන් ම එවැනි තත්ත්වයන් යළි ඇති නොවීමට නම් මෑත භාගයේදී එවැනි වංචාවන්ට හවුල් වී ඇති සියළුම දෙනා තරාතිරම නොබලා නීතිය හමුවට පමුණුවා දඩුවම් දීම අනිවාර්ය වන බවද වැඩිදුරටත් අවධාරණය කරන්නෙමු."

සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us