අස්වැසුම සැප්තැම්බර් වාරිකය අද සිට . වැඩිහිටි, වකුගඩු සහ ආබාධිත දීමනා ගෙවා අවසන්

Published in පුවත්
Thursday, 23 November 2023 07:49

අස්වැසුම’ යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභීන් සඳහා පසුගිය සැප්තැම්බර් මාසයට අදාළ මුදල් වාරික අද (23) සිට ලබා ගැනීමට ප්‍රතිලාභීන්ට අවස්ථාව හිමි වේ.

එම ප්‍රතිලාභ ගෙවීම සඳහා රුපියල් කෝටි 857ක (රුපියල් මිලියන 8,571) මුදලක් බැංකු වෙත නිකුත් කිරීමට මහා භාණ්ඩාගාරය පියවර ගෙන තිබෙන අතර, මෙම වාරික මුදල් ප්‍රතිලාභී පවුල් 1,377,000ක් වෙනුවෙන් ලබා දෙන බවද එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත වාරික මුදල් කඩිනමින් බැර කිරීමට පියවර ගෙන තිබෙන බවද මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේය.

ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සැප්තැම්බර් මස වාරික අද (23) සිට ලබා ගැනීමේ හැකියාව පවති.

මුදල් රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දෙන්නේ ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් වාරික මේ වසර අවසානයට පෙර ප්‍රතිලාභීන් වෙත ගෙවා අවසන් කරන බවත් , ඊට අමතරව නව අයදුම්පත් කැඳවීම ද දෙසැම්බර් මස ආරම්භ කරන බවත්ය .

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි සෑම මාස හයකට වරක් අස්වැසුම සමාලෝචන කටයුතු සිදු කරන බව පවසන සේමසිංහ මහතා මීට අමතරව වැඩිහිටි, වකුගඩු සහ ආබාධිත දීමනා හිඟ මුදල් ද මේ වන විට ගෙවා අවසන් බව කියා සිටියේය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us