වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තත් අධිවේගයේ ආදායමට හානියක් වී නැහැ- ආදායම ඉහළට

Published in පුවත්
Friday, 24 November 2023 08:43

අධිවේගි මාර්ග ජාලය පෞද්ගලීකරණය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පෙරේදා (22) පැවැති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පැය දෙකක් ප්‍රමාද වී අධිවේගි මාර්ගවල ආදායම් එකතු කිරීම ආරම්භ කළ ද පසුගිය 21 වැනිදා සහ පසුගිය සතියේ බදාදා (15) ආදායම් සමඟ සංසන්දනය කිරීමේදී ආදායම් වැඩි වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

අධිවේගි මාර්ගවල සියලුම ශ්‍රේණිවල සේවකයන් අසනීප නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමත් සමඟ එහි යුද්ධ හමුදා නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් ආදායම් එකතු කිරීම සිදු කළ බවත් එහි උසස් නිලධාරියෙක් දිනමිණට පැවසීය. අධිවේගි මාර්ගවල පසුගිය 21 වැනිදා පෙරවරු 7 සිට රාත්‍රි 7 දක්වා රුපියල් 23,028,700.00ක ආදායමක් ලැබී තිබුණු අතර වෘත්තිය ක්‍රියාමාර්ග සිදු කළ 22 වැනිදා පෙරවරු 9 සිට පස්වරු 7 දක්වා රුපියල් 21,044,755.00ක් ද උපයාගෙන ඇතැයි එම නිලධාරියා පැවසීය.

පසුගිය බදාදා (15) පෙරවරු 7 සිට පස්වරු 7 දක්වා උපයාගෙන තිබුණේ රුපියල් 22,877,500ක් බව ද පැවැසීය.

වෘත්තිය ක්‍රියාමාර්ගය ගත් 22 වැනිදා ක්‍රමවත් ලෙස ආරක්ෂක නිලධාරින් යොදවා මුදල් අය කර ගැනීම් ආරම්භ කළ බව කියා සිටි එම නිලධාරියා මුදල් අය කිරීම් පෙරවරු 8ට ආරම්භ කළ බව සලකා ගණනය කළහොත් එකී දින තුනම පෙරවරු 8 සිට රාත්‍රී 7 දක්වා උපයා ඇත්තේ රුපියල් මිලියන 21ක බැගින් බව ද කීය.

ඒ අනුව වෘත්තිය ක්‍රියාමාර්ගය සිදු කළ 22 වැනිදා පෙරවරු 9 සිට රාත්‍රී 7 දක්වා ලබා ඇති ආදායම රුපියල් 21,044,755.00ක් බවත් එම 21 වැනිදා අධිවේගි මාර්ග සේවකයන් මුදල් අය කිරීම් සිදු කරමින් පෙරවරු 8 සිට රාත්‍රී 7 දක්වා උපයා ඇති ආදායම රුපියල් 21,107,350ක් යැයි ද එසේම පෙර සතියේ බදාදා (15) දිනයේ පෙරවරු 8 සිට රාත්‍රි 7 දක්වා ආදායම රුපියල් 21,030,900ක් යැයි ද එම නිලධාරියා දිනමිණට පැවැසීය.

ආරක්ෂක අංශ නිලධාරීන්ගේ සුහදශීලි සේවය අධිවේගි මාර්ග භාවිත කරන්නන්ගේ ඉහළ පැසසුමට ලක් වූ බව කියා සිටි ඒ මහතා සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍යවල ඔවුන්ගේ සේවාව වැඩි ඇගැයීමකට ලක්ව තිබූ බව ද කීවේය.

වෘත්තිය ක්‍රියාමාර්ගය සිදු කළ 22 වැනිදා පැය දෙකකට පසුව ආරම්භ කළ ද පෙර දින ලැබූ ආදායමට සමාන ආදායමක් ලබා ඇති බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

වෘත්තිය ක්‍රියාමාර්ගය ගැනීමත් සමඟ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත වහාම ආරක්ෂක අංශ කැඳවූ බවත් ඒ අනුව එහි ආදායම් පැය දෙකක් ප්‍රමාද වී හෝ ආරම්භ කිරීමට හැකි වූ බවත් පෙර දිනවලට සාපේක්ෂව එවැනිම ආදායමක් ඉපැයීමට හැකි වූ බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

-දිනමිණ

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us