කීරි සම්බා සඟවන මෝල් හිමියන්ට ආණ්ඩුවෙන් පාඩමක්

Published in පුවත්
Monday, 27 November 2023 08:25

එළැඹෙන උත්සව සමයේ අවශ්‍ය සහල් සැපයීම සඳහා සහල් තොගයක් ආනයනය කිරීමට වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මහා පරිමාණ මෝල් හිමියන් විසින් වෙළෙඳ පොළට කීරි සම්බා සහල් නිකුත් නොකර සඟවා තබාගැනීම හේතුවෙන් වෙළෙඳ පොළ තුළ මේ වනවිට කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් නිර්මාණය වී ඇති බැවින් මෙම පියවර ගත් බව වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

ඒ අනුව උත්සව සමය තුළ සහල් හිඟය මඟහරවා ගැනීමට සහල් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේ දී අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

කීරි සම්බා සහල් වර්ගයට සමාන සහල් වර්ගයක් මෙලෙස ආනයනය කිරීමට නියමිත ව ඇති අතර මේ අනුව සහල් ආනයනය කිරීමට සිදුව ඇතැයි ද ඒ මහතා පැවැසීය.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ වෙළෙඳපොළේ සහල් හිඟයක් නිර්මාණය කිරීමට මෝල් හිමියන් සිදු කරන ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමේ අරමුණින් සහල් ආනයනය කිරීමට අවසර ලබාදීමට සිදු වූ බවයි.

එළඹෙන උත්සවය සමයේ දී සතොස මඟින් පාරිභෝගික ජනතාව වෙනුවෙන් විශේෂ මිල සහන ලබාදීමට කටයුතු කරන බව එහි සභාපති පසඳ යාපා අබේවර්ධන ද පවසා ඇත.

වසර නවයකට පසු ලංකා සතොස මේ වසරේ ගත වූ මාස 10 තුළ ශුද්ධ ලාබයක් ද ලබා ඇති බව පසඳ යාපා අබේවර්ධන සඳහන් කළේය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us