අමාත්‍ය රොෂාන්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Published in පුවත්
Monday, 27 November 2023 09:36

ක්‍රිකට් ක්ෂේත්‍රයේ පවතින අර්බුද සම්බන්ධයෙන් අද (27) දිනයේදී පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

"මම හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරනවා. දැන් කොහොමහරි බලන්නේ මට චෝදනාවක් ගොනු කරන්න. ඒ කාරණේ මොකක් ද? මොකක් ද කරන්න යන්නේ, මේකේ ඉලක්කය කියන එක මම හෙට පැහැදිලි කරන්නන්. මේ හැම දෙයක්ම පිටිපස්සේ තියෙන්නේ කුමක්ද? අරමුණ මොකක් ද ?
මේකේ පිටිපස්සේ ඉන්න දූෂිත කල්ලිය කවුද ? මේ අය කරන්න යන්නේ මොකක්ද කියලා මම හෙට සජීවීව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු වෙනවා. 225ම හොරු කියලා. අපි ඒ ගොඩට වැටෙන්න කැමති නෑ."

ප්‍රශ්නය - ඇමතිතුමා, ඒ වගේම තමයි අනිත් පැත්තෙනුත් වංචා දූෂණ කරපු ගොඩාක් ඇමතිවරු, මන්ත්‍රීවරු ඉන්නවා. ඒ ගැනත් පාර්ලිමේන්තුවේ කතා කරලා හඬනැගුවොත් මොකද ?

"කවුරු හෝ වංචා දුෂණ කරපු අය ඉන්නවා නම් එක පැත්තකින් පාර්ලිමේන්තුවක් විදියට ඒ ගැන බලන්න ඕන.ජනාධිපතිවරයා ලෙස එතුමාත් බලන්න ඕන. හරි විදියට. ඒ කියන්නේ වැරැද්ද කළේ කවුද කියන එක."

ප්‍රශ්නය - ඔබතුමාගේ ග්‍රහචාරය හොඳයි කියලත් දැන් සමාජ මතයක් තියෙනවා.

"මම දන්නේ නෑ මගේ කේන්දරේ එතුමලා අතේ තියනවා ද කියලා. මට වෙලා තියෙන්නේ මගේ කේන්දරය මං ළඟ නැහැ. අම්මා හදලා තිබුණා පුස්කොළ පොතෙන් හොඳ කෙන්දර දෙකක්. ඒ කේන්දර දෙකම අස්ථානගත වෙලා."

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us