ලාඳුරු හිස ඔසවයි

Published in පුවත්
Monday, 27 November 2023 13:33

ලාදුරු රෝගීන් 1,300කට ආසන්න පිරිසක් මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ඒකකය පවසයි.

ජනවාරි සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ රෝගීන් 1,256ක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමුවී ඇති බවත් ඉන් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 256ක් බවත් එම ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පැවසුවේය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 138ක්, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 130ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 92ක් වශයෙන් දිස්ත්‍රික් කිහිපයකින් ලාදුරු රෝගීන් වාර්තා වී තිබේ‍.

මේ වන විට වාර්තා වී ඇති ලාදුරු රෝගීන් අතරින් අවුරුදු 14ට අඩු ළමා ලාදුරු රෝගීන් 131 දෙනෙකු ද දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බවත් ඒ අතරින් වැඩි දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 39ක් බව වෛද්‍යවරයා පැවසුවේය.

ගම්පහ, මඩකලපුව සහ කළුතර ඇතුලු දිස්ත්‍රික්ක වලින් ද ළමා ලාදුරු රෝගීන් වැඩි වශයෙන් හඳුනාගෙන තිබෙන බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

Last modified on Monday, 27 November 2023 14:30

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us