Cop28 ට ලංකාවෙන් යෝජනා තුනක්...

Published in පුවත්
Tuesday, 28 November 2023 10:40

ඩුබායි හි පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව හෙවත් “කොප් 28” සමුළුව වෙනුවෙන් විශේෂ යෝජනා 3ක් ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීන්දු කර ඇත.

ඉන් ප්‍රධානතම යෝජනාව වනුයේ දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක් (Climate Change university) මෙරට ඇති කිරීමය.

ඊට අමතරව දියුණු රටවල ක්‍රියාකාරකම් හේතුවෙන් අපහසුතාවයට පත්වන තුන්වන ලෝකයේ රටවල් වෙනුවෙන් දේශගුණික යුක්ති සංසදයක් (Climate Justice Forum) පිහිටුවීම හා නිවර්තන කලාපය වෙනුවෙන් සංසදයක් (Tropical Belt Forum) පිහිටුවීමේ යෝජනා ත්‍රිත්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කොප් 28 සමුළුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කොප් 28 සමුළුව රාජ්‍යයන් 54ක නායකයන්ගේ සහභාගීත්වයෙන් ලබන 04 දා සිට ඩුබායිහීදි පැවැත්වෙන අතර, එහිදී දේශගුණික විපර්යාස ගැන මෙන්ම ණය ස්ථායිකරණය ගැන අතිරේක සාකච්ඡාවන් කිහිපයක් පැවැත්වීමට ද සැලසුම් කොට තිබේ.

මෙහිදී රාජ්‍ය නොවන සංවිධානයන්හි අනුග්‍රාහකත්වය යටතේ තරුණ තරුණියන් 20ක් සහභාගීවීමට නියමිත අතර, ඔවුන් මෙම අතිරේක සාකච්ඡාවන්ට සහභාගීවීමට නියමිතය. රජය නියෝජනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විදේශ ඇමැති අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර, පරිසර ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, පාඨලි චම්පික රණවක, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන, ජනාධිපති විදේශ කටයුතු අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන අය ඇතුළු 15ක පමණ දූත පිරිසක් මේ සඳහා සහභාගීවීමට නියමිතය.

පෞද්ගලික අංශයෙන් තවත් පිරිසක් සිය වියදමෙන් මෙම සමුළුවට සහභාගීවීමට නියමිත බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි.

අරගලයෙන් ඉල්ලා සිටියේ මෙලෙස තරුණ පිරිස් වෙත ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීම බවද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.

 

- දිනමිණ

Last modified on Tuesday, 28 November 2023 23:19

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us