සේනා යළි හිස ඔසවයි - පාලනයට වහා පියවර ගන්නැයි ඇමති අමරවීර ගෙන් උපදෙස්

Published in පුවත්
Wednesday, 29 November 2023 10:49

මෙම මහ කන්නයේදීත් බඩඉරිඟු වගාව සේනා දළඹු හානියේ බලපෑමට ලක්වෙමින් පවතින බැවින් දළඹු හානිය පාලනය සඳහා ගත යුතු පියවර සම්බන්ධව ගොවි ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු වග කිවයුතු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙවර මහ කන්නයේ දී දිස්ත්‍රික්ක ගණනාවක බඩ ඉරිඟු වගා කර ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව ව්‍යාපෘතිය යටතේ අම්පාර, අනුරාධපුර, බදුල්ල, මොණරාගල හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල අක්කර 40,000ක බඩඉරිඟු වගා කර ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

වගාවේ මුල් අවදියේ දළඹු හානියට පාත්‍රවන වගා විනාශ වී යා හැකි බැවින් බීජ සිට වූ දින සිට වගාව ගැන සුපරීක්ෂාව වැදගත් බවද වගාවට දින 2-7 වනවිට පත්‍ර මත සුදු පැහැති විනිවිද පෙනෙන පටලයක් වැනි ලප ලෙස බිත්තර කැදලි දැකිය හැකි අතර මෙම අවස්ථාවේ ඒවා අතින් ඉවත් කිරීම මගින් වගාවට සිදුවන හානිය වළක්වා ගත හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

බිත්තරවලින් පිටවන දළඹුවන් ගොබය තුළට ඇතුළු වී පත්‍ර ගොබයට සහ පත්‍රවලට හානි කරන අතර මෙහිදී කොහොඹ බීජ නිස්සාරකය ගොබය තුළට ඉසීම මගින් හානිය පාලනය කළ හැකි බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us