නිකුත් කිරීමට නොහැකි වූ රියදුරු බලපත්‍ර ඉදිරි මාස 6 තුළ නිකුත් කෙරේ

Published in පුවත්
Thursday, 30 November 2023 08:41

මුද්‍රණ යන්ත්‍ර නොමැති වීමෙන් නිකුත් කිරීමට නොහැකිව ගොඩගැසී ඇති රියදුරු බලපත්‍ර සියල්ල ඉදිරි මාස 6 තුළදී නිකුත් කිරීමට හැකිවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසයි.

මේ වනවිට ලක්ෂ 9කට ආසන්න රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් මුද්‍රණය කර ගත නොහැකිව ගොඩගැසී ඇති බව ඔහු සදහන් කර ඇත.

පසුගිය සඳුදා දිනයේ දී රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට අවශ්‍ය මුද්‍රණ යන්ත්‍ර තුනක් තමා වෙත ලැබුණු බවත් ඒ අනුව මේ සතියේ සිට මුද්‍රණ කටයුතු ආරම්භ කරන බවත් ඔහු පැවසීය.

"රියදුරු බලපත්‍රවල ප්‍රශ්නේ තිබුණේ කාඩ් නොමැති වීම නෙමෙයි. පසුගිය කාලයේ ආර්ථික අර්බුදය සමග රටේ ඇති වූ තත්ත්වය හේතුවෙන් එල්සී විවෘත කරගන්න බැරිවෙලා කාඩ් ගෙන්න ගන්න බැරිවුණා. ඊට පස්සේ අපි කාඩ් ගෙනල්ලා තියෙනවා. නමුත් අපිට කාඩ් ප්‍රින්ට් කරන මැෂින්වල ප්‍රශ්නයක් තිබුණා. මේ සඳුදා තමා මට අලුත් මැෂින් තුන ආවේ. ඒකේ ප්‍රින්ටින් මේ සතියේ පටන් ගන්නවා. මම බලාපොරොත්තු වෙනවා මාස 6ක් තුළ මේ ගොඩගැහිලා තියෙන ටික ප්‍රින්ට් කරලා අවසන් කරන්න."

ජාවාරම්කරුවන් විසින් රු 5,000ක මුදලක් ලබාදී රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිල්ලක් ලැබී ඇතැයි පැවසු නිශාන්ත අනුරුද්ධ මහතා, ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස විමර්ශන ඒකකයට දැනුම්දුන් බවත් කියා සිටියේය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us