එළැඹෙන සතියේ සිට වරායත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට

Published in පුවත්
Thursday, 30 November 2023 08:54

වැටුප් වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් එළැඹෙන සතියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය පවසයි.

සාමුහික ගිවිසුමක් හරහා වරාය සේවකයන්ට වැටුප් වැඩි කිරීම පසුගිය ඔක්තෝබර් 23 වැනි දින රැස් වූ කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව අත්හිටුවනු ලැබිණි.

ඒ අනුව වරාය සේවකයන්ට වැටුප් වැඩි කිරීමේ ගැටලුවක් මේ වන විට පැන නැගී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඊයේ (29) දිනයේ දී සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය සභාපතිවරයා හමු වී සාකච්ඡා සිදු කර ඇත.

කෙසේ වෙතත් එම සාකච්ඡා අසාර්ථක වූ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ සඳහන් කරයි.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us