සාධනීය ප්‍රතිචාර ලැබීම නිසා PHI වර්ජනය අවසන්

Published in පුවත්
Thursday, 30 November 2023 09:06

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු බලධාරීන්ගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡාවෙන් අනතුරුව සාධනීය ප්‍රතිචාර ලැබීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කළ බවයි එම සංගමයේ ලේකම් එස්. බෝපිටිය සඳහන් කළේ.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පසුගිය මස 23 වැනි දා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණේ, ප්‍රවාහන දීමනාව ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

නිලධාරීන් කරනු ලබන රාජකාරීවල දත්ත ලබා නොදීම් සහ රැස්වීම් සඳහා සහභාගී නොවීම ඒ යටතේ සිදු කෙරුණි.

පසුව බෝවන රෝග මර්දන කටයුතුවලින් ‍ද ඔවුන් ඉවත් විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එස්.බෝපිටිය සඳහන් කළේ, අදාළ ගැටලුවලට කඩිනම් විසඳුම් නොලැබුණහොත් නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us