හරීන් ක්‍රීඩා අමාත්‍ය කාර්යාලය ප්‍රතික්ෂේප කරමින් රටට කොටි 5ක් ඉතිරි කරයි

Published in පුවත්
Thursday, 30 November 2023 09:32

ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය කාර්යාලය කොළඹ 7 ක්‍රීඩා අමාත්‍යංශ ගොඩනැගිල්ලේ ස්ථාපිත කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු උපදෙස් දුන්නේය.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යංශයේ තමාට වෙන්වූ කාර්යාල කාමරය පාවිච්චි කරන්නැයි හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායකට පවසා තිබේ.

තමා සංචාරක අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන හෙයින් එම අමාත්‍යංශයේ සිට අදාල රාජකාරී කටයුතු සිදුකරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට ද දැනුම් දී ඇත.

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කුලී පදනම මත පවත්වාගෙන ගිය ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය කාර්යාලයට මසකට රුපියල් ලක්ෂ 42ක් පමණ වැය වන හෙයින් මෙම තීරණය ගත් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.

ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ල කොළඹ 7 ක්‍රීඩා අමාත්‍යංශ ගොඩනැඟිල්ලේ ස්ථාපිත කිරීමෙන් වසරකට ඉතිරි වන රුපියල් කෝටි පහකට ආසන්න මුදල ක්‍රීඩා සංවර්ධන අරමුදලට බැර කරන ලෙසද ක්‍රීඩා අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us