ලන්දේසි කෞතුකාගාරවල ඇති ශ්‍රී ලාංකීය පුරාවස්තු නැවතත් ‌දිවයිනට

Published in පුවත්
Thursday, 30 November 2023 11:21

ලන්දේසීන් මෙරටින් රැගෙන ගොස් තිබූ ලෙව්කේ දිසාවට අයත් කාලතුවක්කුව, රාජකීය රන් කස්තානය, රන් පිහිය, රිදී කස්තානය සහ මහ තුවක්කු දෙකක් ඇතුළු කෞතුක භාණ්ඩ එකතුවක් නෙදර්ලන්ත රජය මඟින් ශ්‍රී ලංකා රජය වෙත ඊයේ (29) නිල වශයෙන් භාර දී ඇත.

එම කෞතුක භාණ්ඩ සහිත බහාලුම් නෙදර්ලන්තය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය බොනී හෝබාච් (Bonnie Horbach) මහත්මිය විසින් බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක වෙත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී භාර දෙනු ලැබුවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම පුරාවස්තු මෙරටට ගෙන ඒම සදහා නෙදර්ලන්ත රජය සමග විශේෂ මැදිහත් වීමක් සිදු කළ අතර ඒ වෙනුවෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක විසින් සම්බන්ධීකරණ කටයුතු සිදු කළේය.

කෞතුක භාණ්ඩ කොළඹ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව සහිතව තැන්පත් කර ඇති අතර දෙසැම්බර් මස 05 වැනි දින පෙරවරු 9.30 සිට කොළඹ ජාතික කෞතුකාගාරයේ විශේෂ ප්‍රදර්ශනයක් මඟින් මහජනතාව වෙත ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබේ.

වර්ෂ 1756 ලන්දේසීන් විසින් මහනුවර රාජ මාලිගාව වටලන ලද අවස්ථාවේ ශ්‍රී ලංකාව සතුව පැවැති, පසුව ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම (VOC) විසින් රැගෙන ගිය ඵෙතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ එකතුවක් මීට ඇතුළත්ය.

මෙම කෞතුක භාණ්ඩ පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපිගොනුව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිතුමිය විසින් අමාත්‍ය විදුර වික්‍රමනායක වෙත භාර දුන් අතර පසුව එය ඇමැතිවරයා විසින් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරිය වෙත භාර දීම සිදු කෙරිණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us