සෞඛ්‍ය ඇමති විදියට මාව පත් කළේ නැත්තටම නැති කරන්න - මෛත්‍රී කියයි

Published in පුවත්
Friday, 01 December 2023 09:07

සෞඛ්‍ය අමාත්‍ය ධුරයට 2010 වසරේදී තමාව පත් කළේ දේශපාලන වශයෙන් නැත්තටම නැති කරන්නට යැයි හිටපු ජනාධිපති, පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේදී ඊයේ (30) පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ පැවැති විවාදයට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මේ බව පවසා ඇත.

තමාව නැත්තටම නැති කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස එවකට පත් කළ ද අවසානයේ නතර වූයේ ජනාධිපතිවරයා වීමෙන් බවත් ඒ බව නව සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත මතක් කර සිටින බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

''සෞඛ්‍ය ඇමැති වූ නිසා තමයි රටේ ජනාධිපති වුණේ. ඒ බව නව සෞඛ්‍ය ඇමැතිවරයාට මතක් කරන්න ඕනෑ. වංචා දූෂණ ගැන කතා කරන විට වෛද්‍ය සැපයීම් අංශය, ඖෂධ සංස්ථාව වගේ තැන්වලින් ඖෂධ ගන්නා විට ටෙන්ඩර් විශාල සංඛ්‍යාවක් කැඳවනවා. ටෙන්ඩර් ක්‍රමය මේ රටේ සම්පූර්ණයෙන්ම දූෂිතයි. ලෝකයේ ඕනෑම රටකට ගියාම ඒ රටවල මෙරට සෞඛ්‍ය සේවාව ගැන පිළි ගැනීමක් තිබෙනවා. ඒ තත්ත්වය තවදුරටත් ආරක්ෂා කරගත යුතු යි''

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us