තෘප්තිමත්ව වයසට යන්නේ මෙහෙමයි ... Featured

Published in අනං මනං
Friday, 01 December 2023 12:52

ලෝකයේ දැනට සිදු කරල තියෙන වටිනාම පරීක්ෂණය/ අධ්‍යයනය හෝ සොයා ගැනීම  කුමක් වෙන්න පුලුවන්ද  ?

ගුරුත්වකර්ශනයද, විදුලියද , සාපේක්ෂතා වාදයද නැත්නම් පරිගණකයද ???

මට හිතෙන්නේ ඒ හැමදෙකටමත් වඩා වටිනා දෙයක් මිනිසුන් සොයා ගෙන තියෙනවා .

ඒ තමයි තෘප්තිමත්ව සතුටින් යහපත් සෞඛ්‍ය තත්වයෙන් වයසට යන්න වැදගත් වෙන්නේ මොනවද කියලා.

හැබැයි ඒ සොයා ගැනීමට නිසි  වටිනාකම දීලා නැහැයි කියල මට හිතෙනවා .

වසර දහස් ගනනක් තිස්සේ මිනිස්සු ඒ ගැන කතා කලත් ඒ කාරණය විද්‍යාත්මක පසුබිමකින් පෙන්වල දුන්නු ඉතාම ලස්සන පර්යේෂණයක් තියෙනවා.

ඒ තමයි The Grant Study of Harvard.

ඉතින් මම The Grant Study of Harvard තමයි මේ ලෝකේ දැනට කෙරිලා තියෙන වටිනාම පර්යේෂණය කියල විශ්වාස කරන්නේ..

මේ අධ්‍යයනය ආරම්භ කලේ දී ඇමරිකා එක්සත් ජනපදයේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 1939 දි.

එයාලට හොයන්න ඕනේ  වුනේ තෘප්තිමත්ව වයසට යන්න වැදගත් කාරනා මොනවද කියල.

ටිකක් හිතල බැලුවොත් අපි ඔක්කොටම ultimately වැදගත් වෙන්නේ ඒ කාරණයම තමයි.

මේ පර්යේෂණයට යොදා ගත්තේ 1939 හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ සිසුන් 268 ක දෙවන වසර කණ්ඩායමක්.

අවුරුදු 80ක් තිස්සේ මේ පරීක්ෂනය තාම යනවා , මේ ගොඩක් අය දැන් මිය ගිහිල්ල. දැන් පරීක්ෂණ කණ්ඩායම ඒ 268 දෙනාගේ දරු මුණුබුරන්ගේ විස්තර අධ්‍යනය කරනවා.

මේ කණ්ඩායමට සංසන්දනය කරන්න 456ක් වන සම වයස් වල සමාජයේ පහල ස්තරයක කොටසකුත් යොදා ගත්තා.

මේ ගොල්ලෝ අවුරුදු 70 කට විතර පස්සේ එයාලගේ සොයාගැනීම් වල සාරාංශයන් ප්‍රකාශයට පත් කළා ..

ලස්සනම දේ තියෙන්නේ එතන.

එයාල කිව්වා අධ්‍යාපනය , රස්සාව, වත්කම් තෘප්තියට වැදගත් වෙනවා කියලා.

alcohol අධික භාවිතය ගොඩක් හානිකරයි කියලත් කිව්වා.

හැබැයි එයාල කිව්ව ලස්සනම දේ තමයි:

ජීවිතයේ තෘප්තිය එහෙම නැත්නම් සන්තෘෂ්ටියට වැඩියෙන්ම වැදගත් අපේ සම්බන්ධතාවල තියෙන quality එක කියලා.

සරලවම කියනවා නම් එයාල කිව්ව ලස්සනම දේ තමයි වයසට යද්දී ජීවිතයේ තෘප්තිමත් බව තීරණය කරන වටිනාම දේ තමයි ,

“ අපි ලඟින් ඉන්න අයත් එක්ක අපේ තියෙන සම්බන්ධතා වල තියෙන intimacy එක  ” කියල.

intimacy කියන්නේ ලස්සන වචනයක් . ඒක සිංහලෙන් කියන්න පුළුවන් හොඳම විදිය කියල මට හිතෙන්නේ “ ළෙන්ගතුකම ” කියන වචනයෙන්.

(ඒ කියන්නේ අපට තියෙන සම්බන්ධතා ගණන නෙවෙයි.)

තියෙන සම්බන්ධතා වල ලෙන්ගතුබව  තමයි අපේ ජීවිතයේ තෘප්තියට වැඩියෙන්ම බලපාන්නේ කියලා....

 

- උපුටාගන්නා ලදී

Last modified on Friday, 01 December 2023 13:11

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us