Bill Gates ගේ සහාය ශ්‍රී ලංකාවට

Published in පුවත්
Monday, 04 December 2023 09:00

දේශගුණික විපර්යාස මැඩලීමේදී ශ්‍රී ලංකාවට සහාය දක්වන බව බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ (BMGF) සම සභාපති බිල් ගේට්ස් (Bill Gates) පවසා තිබෙනවා.

ඩුබායි හි පැවැත්වෙන COP 28 සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ (BMGF) සම සභාපති බිල් ගේට්ස් (Bill Gates) අතර හමුවක් ඊයේ (03) සිදු වූ අතර දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ ගෝලීය අභියෝගය සහ නිවර්තන කලාපය තුළ ශ්‍රී ලංකාවේ භූමිකාව වැඩිදියුණු කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස මැඩලීමට අදාළ වැඩසටහන් සඳහා බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම දැනටමත් සම්බන්ධ වී සිටින බවත්, ඉදිරියේදී එම සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බවත් බිල් ගේට්ස් එහිදී පැවසීය.

ශ්‍රි ලංකාවේ කෘෂි නවීකරණ වැඩසටහන සහ කෘෂිකර්මාන්තය සඳහා දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ ප්‍රයත්නය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඩිජිටල් පොදු යටිතල පහසුකම් සංවර්ධනයේ දී ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බවද බිල් ගේට්ස් සඳහන් කළේය.

දේශගුණික විපර්යාස මැඩ පැවැත්වීම සඳහා සාමුහික කැපවීමක අවශ්‍යතාව අවධාරණය කරමින් ශ්‍රී ලංකාව විසින් COP28 සමුළුවට ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳව ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් බිල් ගේට්ස් දැනුවත් කළ අතර ලෝකයටම අභියෝගයක් වී ඇති පාරිසරික ගැටළු විසඳා ගැනීම සඳහා වූ ගෝලීය ප්‍රයත්නයන් තුළ ඵලදායි කාර්යභාරයක් ඉටුකිරීමට ශ්‍රී ලංකාව සූදානම් බවද ප්‍රකාශ කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us