ඉදිරි මැතිවරණවලදී දෘශ්‍යබාධිතයින්ට විශේෂ ඡන්ද පත්‍රිකාවක්

Published in පුවත්
Monday, 04 December 2023 09:43

ඉදිරි සියලු මැතිවරණවලදී දෘශ්‍යබාධිත පුද්ගලයින් වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් ලබා දීමට තීරණය කර තිබේ.

සෑම ඡන්ද මධ්‍යස්ථානයකදීම එවැනි පුද්ගලයින් වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් නිකුත් කෙරෙන බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් රත්නායක පැවසුවේ.

මීට පෙර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 10 ක නියමු ව්‍යාපෘතියක් ලෙස එම වැඩසටහන සාර්ථක වූ බව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සමන් රත්නායක මහතා පවසා ඇත.

මීට අමතරව, ඡන්ද මධ්‍යස්ථානවල ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවගේ අවශ්‍යතා සහ ආබාධ සහිත ප්‍රජාවගේ ප්‍රවේශය සදහා විශේෂ අවධානය යොමු කරන බවද, ඔහු පැවසුවේ ය.

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් රත්නායක මහතා සඳහන් කළේ, ආබාධිත ප්‍රජාවට හැඳුනුම්පතක් ලබා දීමටත් පියවර ගන්නා බවයි.

මේ අතර, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ඩලස් අලහප්පෙරුම පැවසුවේ, මෙවර අයවැයෙන් බස් රථ 600ක් මිලදී ගැනීම සදහා යෝජනාවක් පවතින බැවින් ඉන් බස්රථ කිහිපයක් හෝ ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් මිලදී ගෙන නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us