ආරක්ෂක මාණ්ඩලික විද්‍යාලය හමුදාලොක්කන්ට සැප දෙන තැනක් වෙලා

Published in පුවත්
Monday, 04 December 2023 10:47

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය (DSCSC) 2022 දී නිලධාරීන් පස් දෙනෙකු එනම් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙකු සහ යුධ නාවික ගුවන් හමුදාපතිවරු තිදෙනා සඳහා පමණක් දින පහකට ආහාර සහ විනෝදාස්වාදය වෙනුවෙන් රුපියල් මිලියන 1.1 ක විශ්මයජනක වියදමක් කර ඇති බව වාර්ථා වේ.

මෙය නොවැම්බර් 28 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජාතික විගණන වාර්තාවකින් හෙළිදරව් විය. එම වාර්තාවට අනුව, එම නිලධාරීන් පස්දෙනා ආයතනයේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීම සඳහා DSCSC වෙත පැමිණ ඇත.

ජාතික විගණන කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද DEF/DSCSC/22/04 වාර්තාව පෙන්වා දෙන්නේ රට තුළ පවතින අර්බුදය මධ්‍යයේ වියදම් සීමාවන් දක්වා ඇති භාණ්ඩාගාර චක්‍රලේඛවලට පටහැනිව මෙම කටයුතු සිදු කර ඇති බවයි.

තවත් විකාර සහගත පියවරක් ලෙස, නේවාසිකාගාරය සඳහා කළු පැහැති කෑම පුටු 30ක් මිල දී ගැනීම සඳහා රුපියල් 350,250ක් වැය කර ඇති අතර DSCSC ගබඩාවේ වර්ණය නේවාසිකාගාරයේ පරිසරයට නොගැලපෙනවා යැයි කියමින් එය භාවිතයට නොගෙන අතහැර දමා ඇති බවත් වාර්ථා වේ

 තවද, 2009 සිට 2022 අගෝස්තු 31 දක්වා DSCSC හි, සිවිල් කාර්ය මණ්ඩලය සඳහා දායක මුදල් සේවක භාරකාර අරමුදලට අදාල මුදල් ප්‍රේෂණය කර නොමැත. ඒ සේවකයින් 64 දෙනෙකු සඳහා රුපියල් මිලියන 7.58 කි.

DSCSC සඳහා ඡායා පිටපත් යන්ත්‍රයක් මිල දී ගැනීමේදී එහි ලැයිස්තුගත මිල වන රුපියල් මිලියන 1.6 වෙනුවට රුපියල් මිලියන 2.2 ට යන්ත්‍රය ලබා ගැනීමෙන්, ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී රුපියල් 600,000 ක අක්‍රමිකතාවයක් සිදු තිබේ..

මීට අමතරව, විද්‍යාලය සඳහා රුපියල් මිලියන 133 ක වියදමින් ඉදිකරන ලද සිව්මහල් පුස්තකාලයක් සහ විභාග ශාලා ගොඩනැගිල්ලක ජල කාන්දුව හේතුවෙන් එහි විදුලි පද්ධතියට සහ ඉහළ මහලේ බිත්තිවලට සැලකිය යුතු හානියක් සිදුව ඇති බව වාර්තා වේ. 2019 දක්වා දිවෙන ගැටළුවක්ව තිබියදීත්, නැවත යථා තත්ත්වයට පත්කර නොමැත.

2022 වසරේ මෙම මාණ්ඩලික විද්‍යාලය සඳහා වූ මුළු වියදම රුපියල් මිලියන 171 ක් බවද වාර්ථා වේ. .

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us