කොළඹ ජාතික රෝහලේ X-ray යන්ත්‍ර දෙකම ක්‍රියා විරහිතයි

Published in පුවත්
Monday, 04 December 2023 15:28

කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ එක්ස් කිරණ X-ray යන්ත්‍ර දෙකම ක්‍රියා විරහිත බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පැවසුවේය.

ඒ අනුව හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කරන රෝගීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බව වාර්තාවේ.

රාජ්‍ය විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසා සිටියේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කරන රෝගීන් විකිරණ පරීක්‍ෂණ සඳහා යොමු කිරීම අත්‍යාවශ්‍ය බැවින් එම රෝගීන් වෙනත් අංශවලට මාරු කිරීමට සිදුව ඇති බවය.

මෙහිදී එම සංගමයේ සභාපති සනක ධර්මවික්‍රම පවසා සිටියේ මීට මාස දෙකකට පෙර ප්‍රධාන එක්ස් කිරණ යන්ත්‍රය කැඩී ගිය බවත් ඉන් අනතුරුව දෙවැනි යන්ත්‍රය භාවිත කරමින් එක්ස් කිරණ පරීක්ෂණ සිදු කළ බවත්ය.

මෙහි ඇති ප්‍රධාන එක්ස් කිරණ යන්ත්‍රය උසස් ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ පරීක්‍ෂණ වාර්තා වාට්ටු, ශල්‍යකර්ම මධ්‍යස්ථාන සහ වෛද්‍යවරුන් වෙත තත්පර කිහිපයකදී යැවීමට හැකියාව ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us