රෝගීන්ට වැසිකිළියක් හදනවාට සෞඛ්‍ය වෘත්තිය සමිති විරුද්ධ වෙයි.

Published in පුවත්
Tuesday, 05 December 2023 10:50

සිංහ සමාජයේ ප්‍රධානත්වයෙන් බලපිටිය මූලික රෝහලේ සායනවලට පැමිණෙන රෝගීන් වෙනුවෙන් පහසුකම් සහිත වැසිකිළි ඉදිකිරීමට සූදානම් ව ඇතත් රෝහල් හෙදියන් සහ වෘත්තීය සමිතිවල ඇති විරෝධතාවය මත එහි ඉදිකිරීම් නතර වී ඇති බව බව බළපිටිය මූලික රෝහලේ රෝහල් අධිකාරි වෛද්‍ය අතුල ක්‍රිශාන්ත මහතා පවසයි.

කෘෂිකර්ම රාජ්‍ය ඇමැති මොහාන් පී. ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් බළපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැති මෙම රැස්වීමේ දී මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක් වූරෝහල් අධිකාරීවරයා මෙසේ ද සඳහන් කර තිබේ.

“විශාල මුදලක් වැය කරල සුපිරි තත්ත්වයේ වැසිකිළියක් හදන්න මුල්ගල් තැබුවා. අන්තිම මොහොතේ හෙදියන් විරුද්ධ වුණා. ඒ අයගේ නේවාසිකාගාරය ආසන්නව ඉදිකළ විට දුර්ඝන්ධය ඇති වනවා කියලයි විරුද්ධ වෙන්නේ. එහෙම වෙන්න හේතුවක් නැහැ. ඒ අය එය ඉදිකරන්නේ ඉහළ තත්ත්වයෙන්. සියලු වෘත්තීය සමිති මෙයට විරුද්ධයි.ඒ විරෝධතාවයන් නොසලකා මට ඉදිකරවන්න පුළුවන්. එවිට ලොකු වැඩ වර්ජනයක් ගියොත් අසරණ රෝගීන් තමයි අසීරුතාවයට පත්වන්නේ. එමෙන්ම විශාල මුදලක් වැය කරල ඉදිකරල කඩා දමන්න වුණොත් ලොකු අපරාධයක් වෙනවා. එහෙම වුණොත් දානපතියන්ගේ හිත රිදෙන්න පුළුවන්. බෙහෙත් දෙන ස්ථානය අසලින් මේ වැසිකිළිය හදන්න කියල කිව්වත් දානපතියන් ඊට කැමැති නැහැ.” යනුවෙනි.

Last modified on Tuesday, 05 December 2023 11:01

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us