පුද්ගලයෙක් ඝාතනය කළ අපරාධකරුවන්  දෙදෙනාට මරණ දඩුවම නියම කෙරේ

Published in පුවත්
Tuesday, 05 December 2023 15:30

මහනුවර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටි විත්තිකරුවන් දෙදෙනෙකු පහර දී  පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවන් බවට තීන්දු කළ මධ්‍යම පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විත්තිකරුවන් දෙදෙනාටම මරණ දඬුවම නියම කළේය.

මහනුවර උණුමින්න කන්දේ හංදිය ගුරුබැද්ද පදිංචිකරුවන් වන ඩී. එම්. සමන් කුමාර දිසානායක සහ ඒ. එම්. සමරකෝන් බංඩාර විජේකෝන් යන විතිතිකරුවන් මෙලෙස මරණ දඩුවමට නියම විය.

විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බව විත්තිකරුවන් දෙදෙනාට මරණ දඬුවම නියම කරමින් මහාධිකරණ විනිසුරු පැවසුවේය.

2010 වසරේ ජූලි 27 වනදා හෝ ඊට අසන්න දිනයක මහනුවර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් කන්දේ හංදියේදී පහර දී සාමි අයියා ධන බාලසිංහම් යන අයව ඝාතනය කල බවට නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය ප්‍රකාරව මෙම විත්තිකරුවන්ට එරෙහිව මහනුවර මහාධිකරණය  හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණ.

මෙම නඩුවට නම් කර සිටි සාක්ෂිකරුවන් ගණන 14 කි. ඉන් හතක් ඇසින් දුටු සාක්ෂි ය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us