විදේශ ශ්‍රමිකයින් සඳහා ණය දෙන්න රු.බිලියන 5ක මුදලක් වෙන්කරයි

Published in පුවත්
Wednesday, 06 December 2023 11:00

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ඇති විදේශගත ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයින් සඳහා විශේෂ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදී ඇත.

 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග ශ්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධව බලපත්‍රලාභි වාණිජ බැංකු හරහා ක්‍රියාත්මක කරන මනුසවි විගමණික ශ්‍රමික බහුකාර්ය ණය යෝජනා ක්‍රමය ජනගත කිරීම ඊයේ (04) සිදුකෙරුණි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සදහා රු.බිලියන 5ක මුදලක් වෙන්කර ඇත.

කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ඇති විදේශගත ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයින් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය අදාළ වෙයි.

ඒ සඳහා තනිවම හෝ ඒකාබද්ධ විදේශ මුදල් ගිණුමක් (PFCA) හෝ ඉතිරි කිරීමේ ගිණුමක් (RSA) වාණිජ බැංකුවල පවත්වාගෙන යායුතු අතර, විදේශ ප්‍රේෂණ අදාළ ගිණුම වෙත ප්‍රේෂණය කර (අවම වශයෙන් පසුගිය මාස තුන තුළ) තිබිය යුතුය.

මෙම ණය මුදල ලබාගත හැකි අවස්ථා වන්නේ ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීම හෝ පුළුල් කිරීම, නිවසක් මිලට ගැනීම, ඉදිකිරීම හෝ පුළුල් කිරීම, ඉඩමක් හෝ වාහනයක් මිලට ගැනීම, දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා හෝ වෙනත් ඵලදායි කටයුත්තක් සඳහා ය.

ණය මුදලේ උපරිම සීමාව රු.මිලියන 2 කි. මේ සඳහා පසුගිය මාස 3 ක් ඇතුළත සිදුකරන ලද සාමාන්‍ය ප්‍රේෂණයන්හි (Average Remittances) 60% ක සීමාව මෙන් 36 ගුණයක් හෝ රු.මිලියන 2 න් අඩු අගය අදාළ කරගත යුතුවෙයි.

ණය ලාභියාගෙන් අයකළ හැකි උපරිම පොලී අනුපාතය 8% ක් වන අතර උපරිම මාස 36 ක් දක්වා ණය පියවීම සඳහා කාල රාමුවක් ලබාදෙයි.

මේ සඳහා තනිවම හෝ ඒකාබද්ධව ණය අයදුම්පත් විදේශගත වීමට ප්‍රථම හෝ විදේශගතව සිටියදී අදාළ බැංකුව වෙත යොමුකළ හැකිය.

අදාළ ණය අයදුම්කරු විසින් ඔහු ශ්‍රී ලංකාවේ නොමැති අවස්ථාවල ඔහු වෙනුවෙන් අදාළ ණය මුදල ලබාගැනීම සඳහා ළඟම ඥාතියෙකු වෙත ඇටර්නි බලපත්‍රයක් මඟින් බලය පැවරිය හැකිය.

ශ්‍රී ලංකා රුපියල් මගින් ණය ගෙවීම සිදුකිරීම සඳහා ඉඩ ලබාදී නොමැති අතර, විදේශ සේවා නියුක්තිය අවසන් කර ලංකාවට පැමිණි පසුව පමණක් අදාළ අවස්ථාව ලබාදී ඇත.

රුපියල් මගින් ණය පියවීම සිදුකරනු ලබන්නේ නම් වෙළෙඳපොල පවත්නා පොලී අනුපාතයන් අදාළ කර ගැනීම සිදුකරනු ලැබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා රු.බිලියන 5 ක මුදලක් වෙන්කර ඇති අතර, මේ සඳහා දායකවන පහතින් දක්වා ඇති බැංකු සඳහා 4% ක වාර්ෂික පොලී අනුපාත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ප්‍රතිමූල්‍යයන පහසුකම් ලබාදෙයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us