ඩෙංගු මර්දනයට සාගල විශේෂ පියවරක් ගනී  

Published in පුවත්
Wednesday, 06 December 2023 11:52

වැසි සමයත් සමඟ මේ වන විට ඩෙංගු රෝගීන්ගේ සීග්‍ර වර්ධනයක් සිදු වෙමින් පවතින අතර මෙම තත්ත්වය පාලනය කිරිම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ අංශ වෙත දැනුම් දී ඇත.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සමඟ සාකච්ඡාවක් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) ජනාධිපති කාර්‍යාලයේදී පැවැත්වණු අතර එහිදී සාගල රත්නායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේය.

කොළඹ, ගම්පහ, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කයන්හි ඩෙංගු රෝගීන්ගේ වැඩි වර්ධනයක් සිදුව ඇති බව ද මෙහිදී අනාවරණය කෙරුණු අතර රාජ්‍ය ආයතන, බෝට්ටු අංගන, පාසල්, ඇතුළු පොදු ස්ථානවල වාහක අභිජනනය වැඩි වී ඇති බව නිරීක්ෂණය වී ඇති බවද සඳහන් කෙරිණි.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ ද සහය ඇතිව කඩිනම් ක්‍රියාමාර්ගවලට එළැඹෙන ලෙස සාගල රත්නායක මහතා ශ්‍රී ලංකා පොලීසිය වෙත උපදෙස් දුන්නේය.

රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ රාජ්‍ය ආයතන දැනුවත් කරමින් ජනාධිපති කාර්යාලය මඟින් ලිපියක් නිකුත් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.

එසේම ශ්‍රී ලංකා පොලීසිය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල එක්ව මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහනක් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන ලෙස ද සාගල රත්නායක මහතා උපදෙස් දුන්නේය.

මෙම කටයුතුවල ප්‍රගතිය විමසා බැලීම සඳහා එළැඹෙන සඳුදා ඩෙංගු මර්ධන ඒකකය නැවත රැස්වීමටද තීරණය කෙරිණි.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු සහ සෞඛ්‍ය අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හා කොළඹ මහනගර සභාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us