පිටකොටුවබස් නැවතුම්පොළ නව වෙනසකට සැරසේ

Published in පුවත්
Thursday, 07 December 2023 08:04

පිටකොටුව ස්ථාන තුනක ඇති ශ්‍රී ලංගම මධ්‍යම බස් නැවතුම්පොළ, බැස්ටියන් මාවත හා ගුණසිංහපුර පෞද්ගලික බස් නැවතුම්පොළවල් කොටුව දුම්රිය ස්ථානයට යාබද කරමින් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යෑමට රජයේ අවධානය යොමුව තිබේ.

පිටකොටුවේ පිහිටි ප්‍රධාන බස්නැවතුම්පොළවල් කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ ස්ථානගත කිරීමෙන් අනතුරුව එම ඉඩම් වාණිජමය කටයුතුවලට යොදා ගැනීමට රජයේ අවධානය යොමුව ඇත.

මැනිං වෙළෙඳ සංකීර්ණය පිහිටි ස්ථානයේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට මේ වන විට ශක්‍යතා අධ්‍යයන සිදු කර ඇති බවත් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පවත්වාගෙන යන ආකාරයට බස් රථ නතර කර තැබිය හැකි වන පරිදි මෙම ස්ථානය ගොඩනඟන බවත් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ පවසා ඇත.

කොළඹ නගරයට පැමිණෙන බස් රථ වෙනත් ස්ථානයක ගාල් කර තිබී පිටත් වන වේලාවට පමණක් බස්නැවතුම්පොළට පැමිණීම දැනට සිදුවන බවත් ඒ අනුව මගීන්ට මෙන්ම රියැදුරන්ට පහසු වන පරිදි නව බහුවිධ මධ්‍යස්ථානය ගොඩනැඟීමට නාගරික සංවර්ධන අධිකාරිය සමඟ සාකච්ඡා කරගෙන යන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us