පාර්ලිමේන්තුවේ කුපාඩිකම් පාලනය පොලිස්පති බාරගනී

Published in පුවත්
Saturday, 09 December 2023 11:42

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි සමහර නිලධාරීන් ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධියේ විමර්ශන පොලිස්පතිවරයාට බාරදීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.

මෙම විමර්ශනයට අදාල ලිපිගොනු පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් නීතිපතිවරයාට පසුගියදා බාර දෙනු ලැබීය. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි පවතින බව පෙනී යන හෙයින් විමර්ශන කටයුතු පොලිස්පතිවරයාට බාර දෙන ලෙස ඒ අනුව නීතිපතිවරයා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී ඇතැයි පැවසේ. මේ අනුව සිද්ධියට අදාළව මෙතෙක් කරන ලද පරීක්ෂණවලට අදාළ සියලු ලිපිගොනු සියල්ල පොලිස්පතිවරයාට බාරදීමට නියමිතය.

මේ වන විටත් මෙම ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහපාලන දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහපාලක ඇතුළු දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇත. එම දෙපාර්තමේන්තුවේ සේවිකාවෝ විස්සකට වැඩි පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළහ. සිද්ධිය පිළිබඳව මුලින්ම පරීක්ෂණ පවත්වනු ලැබුවේ පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර පරීක්ෂණ මණ්ඩලයක් විසිනි.

දැනට කරන ලද පරීක්ෂණවලදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසකගේ නම් සදහන්වී ඇති බව දැනගන්නට ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us