මේ වසරේ අල්ලස් පැමිණිලි 3000 ඉක්මවයි

Published in පුවත්
Monday, 11 December 2023 09:49

මේ වසරේ ජනවාරි 01වන දා සිට නොවැම්බර් මස 21 වන දා දක්වා කාලය තුළ අල්ලස් පැමිණිලි 3,255ක් ලැබී ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් රාජ්‍ය සේවක ව්‍යුහයේ ක්‍රියාකාරකම් මත පදනම්ව ලැබී ඇති පැමිණිලි වේ.

පොලිස් නිලධාරීන්ට විරුද්ධව පැමිණිලි 100කට ආසන්න ප්‍රමාණයක් මේ දක්වා ලැබී ඇති අතර විදුහල්පතිවරුන්ට එරෙහිව පැමිණිලි 50කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව සඳහන්ය.

ලැබී ඇති අල්ලස් පැමිණිලි හා සැසඳීමේ දී විමර්ශන කාර්යයන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කොමිෂන් සභාව තුළ පවතින සේවක පුරප්පාඩු කඩිනමින් සම්පුර්ණ කර ගැනීමේ අවශ්‍යතාව පවතින බවද අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව සඳහන් කළේය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us