තෙල් පාවිච්චිය ඕනෑවට වඩා සුදුසු නැහැ - වෛද්‍ය තිමති වික්‍රමසේකර

Published in පුවත්
Monday, 11 December 2023 10:04

ආහාරයට ගනු ලබන තෙල් ප්‍රමාණය පාලනය කිරීම මඟින් හෘදය ආශ්‍රිත රෝගාබාධවලට ගොදුරු  වීම ඇතුළු තවත් රෝගවලින් වැළකිය හැකි බව ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමය පැවසීය.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර සඳහන් කළේ, වරක් භාවිත කරන ලද තෙල් නැවත නැවත භාවිත කිරීම නුසුදුසු බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර වැඩිදුරටත්  මේ බව සඳහන් කළේය.

"තෙල් පාවිච්චිය ඕනෑවට වඩා ගත්තොත් ඒ මොන තෙලක් වුණත් අපේ ඇඟට අහිතකර බලපෑම් එන්න පුළුවන්. දෙවැනි දේ තමා තෙල් පාවිච්චි කරනකොට අපි නැවත නැවත තෙල් පාවිච්චියට ගත්තොත් සිදුවන රසායනික සංයෝගත් එක්ක අපේ හෘදය වස්තුවේ සහ අපේ ධමනිවල මෙන්ම ශිරාවල තෙල් තැන්පත් වෙනවා. ඒ තුළ අපිට බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම හෘදය වස්තුව ආශ්‍රිත රෝගාබාධවලට ගොදුරුවීමේ හැකියාව තියෙනවා. තෙල් පාවිච්චියේ ප්‍රමාණය අඩුකරගන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට තෙල්වලින් එන කැලරි ප්‍රමාණය එහෙම නැත්නම් ශක්ති ප්‍රමාණය අඩුකරගන්න පූළුවන්. ඇඟ ඇතුළට එන ශක්තිය වැඩිවුණාම ගොඩක් වෙලාවට මහත් වෙන්න බලනවා. ඒ නිසා අපි තෙල් භාවිතා කරනකොට ඒ ප්‍රමාණය අඩු කරන එක වැදගත්. තෙල් නොරැදෙන බඳුනක් භාවිත කරන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට සෞඛ්‍යට වෙන බලපෑම අඩුකරගන්න පුළුවන්."

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us