අන් සතු හැඳුනුම්පත් යොදාගනිමින් ලීසිං වාහන අඩු මිලට ගෙන අන්තර්ජාලය හරහා විකුණනයි

Published in පුවත්
Monday, 11 December 2023 11:26

කල්බදු වාරික හිඟ වාහන ඇති වාහන හිමියන් සොයා ගොස් එම වාහන කල්බදු වාරික ඉදිරියට ගෙවාගෙන යාමේ පොරොන්දුව මත අඩු මිලට මිල දී ගෙන එම වාහනවලට ව්‍යාජ ලේඛන සකස්කර අන්තර් ජාලයේ දැන්වීම් පළකර අලෙවි කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් හෙළිකරගත් කොළඹ අපරාධ කොට්ඨාසය ඊට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙක් ඊයේ (10) වන විට අත්අඩංගුවට ගෙන වාහන රැසක්ද සොයාගෙන ඇත.

මෙම ජාවාරම්කරුවන් කල්බදු වාරික හිඟ වාහන මිල දී ගන්නේත් ඒවා අලෙවි කරනු ලබන්නේත් අන්සතු ජාතික හැඳුනුම්පතක් යොදාගෙන බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

කාලයක් තිස්සේ කරගෙන ගිය මෙම ජාවාරම හෙළි කර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ මෙම ජාවාරම්කරුවන් වාහන මිල දී ගැනීමට හා අලෙවි කිරීමට යොදා ගන්නා එදිරිසිංහ දේවයලාගේ සදුන් ධනංජය නමැති පුද්ගලයාගේ මව පොලිස්පතිට කළ පැමිණිල්ලක් කොළඹ අපරාධ කොට්ඨාසයට විමර්ශනය කිරීමට පැවරීමත් සමඟිනි.

රාගම දඹුවේ පදිංචිකාරියක් වන වෙරෝනිකා හර්ෆස් නමැති කාන්තාව පොලිසියට පවසා ඇත්තේ සිය පුතාගේ ජාතික හැඳුනුම්පත කලකට පෙර සිට අස්ථානගතව ඇති බවය. එම ජාතික හැඳුනුම්පත භාවිත කරමින් කිසියම් අයෙක් විසින් වාහන ජාවාරමක් කරන බවත් එම ජාවාරමට හසුවූ පුද්ගලයන් විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සිය පුතාව පොලිස් ස්ථානවලින් පැමිණ රැගෙන යන බවත් ඇය පවසා තිබේ. මේ නිසා තමන් මෙන්ම පුතාද විශාල අපහසුතාවකටත් පීඩනයකටත් පත්ව සිටින බව ඇය පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කරමින් සඳහන් කර ඇත.

මෙම කාන්තාවගේ පැමිණිල්ල විභාග කරන ලෙස පොලිස්පතිවරයා විසින් කළ නියෝගයකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මේ සම්බන්ධයෙන් වි මර්ශනයක් ආරම්භ කර තිබුණි. එහිදී හෙළිවී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමටද සම්බන්ධ පිරිසක් විසින් මෙම ජාවාරම සංවිධානාත්මකව කරගෙන යන බවය.

ජාවාරම්කරුවන් ගැන තොරුතරු අනාවරණය කරගැනීමෙන් අනතුරුව ඔවුන්ව කොටුකර ගැනීමට මෙහෙයුමක් සකස් කරමින් සිටියදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට පසුගිය 06 වෙනිදා තොරතුරක් ලැබී ඇත්තේ මෙම ජාවාරම සම්බන්ධ දෙදෙනෙක් වෑන් රථයක නැ‍ඟී අවිස්සාවේල්ල දෙස සිට පරණ පාර ඔස්සේ කොළඹ දෙසට පැමිණෙමින් සිටින බවය. එම වෑන් රථයේ අංකය පවා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබී ඇත. ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් පරණ අවිස්සාවේල්ල පාරේ ඔරුගොඩවත්ත ගුවන් පාලම අසල දී අදාළ වෑන් රථය පරීක්ෂාකර එහි ගමන් කරමින් සිටි දෙදෙනාව වෑන් රථයද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

හලාවත ඔකදවෙල පදිංචි අයි. ලියනගේ නමැති 33 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් සහ ගිරිතලේ, ගල්ඉඩම පාරේ පදිංචිකරුවෙක් වන එල්. සල්ගාදු නමැති 25 හැවිරිදි වියේ පසුවන දෙදෙනෙක් එහිදී අත්අඩංගුවට පත්ව ඇත. ඔවුන් දෙදෙනා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 04ක්ද සොයා ගෙන තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළිවූ තොරතුරු මත ගිරිතලේ පදිංචි තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. හෝටල් සේවකයෙක් වන 29 හැවිරිදි මද්දුම බණ්ඩාර නමැති අයෙක්ද, ව්‍යාපාරිකයෙක් වන 25 හැවිරිදි එන්.පී.ජේ. සඳරුවන් නමැති අයෙක්ද, කුලී කම්කරුවෙක් වන 25 හැවිරිදි වියේ පසුවන වීරසේකර බණ්ඩාර යන අයෙක්ද අත්අඩංගුවට ගත් අය අතර සිටින බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.

මෙම සැකකරුවන් 05 දෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර දින 07ක රැඳවුම් නියෝග ලබාගෙන ඇත. ඒ අනුව කළ විමර්ශනයේ දී හෙළිවූ තොරතුරු මත මෙම සැකකරුවන් විසින් ව්‍යාජ ලේඛන යොදාගෙන අලෙවි කළ ලොරි රථයක්, ත්‍රීරෝද රථ 02ක්, මෝටර් රථයක් ද සොයා ගෙන තිබේ.

NW004

- දිනමිණ

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us