ඕස්ට්‍රේලියාවට එන අයට එරට රජයෙන් දැඩි නීති

Published in පුවත්
Monday, 11 December 2023 15:41

එළැඹෙන වසර දෙක තුළදී ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව අඩක් දක්වා අඩු කිරීමට ඕස්ට්‍රේලියා රජය තීරණය කර තිබේ.

ඒ අනුව 2025 වසරේ ජුනි මාසය වනවිට එරටට පැමිණීමට අවස්ථාව ලැබෙන්නේ සංක්‍රමණිකයින් 250,000කට පමණි.

එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ එම සංඛ්‍යාව කොවිඩ් වසංගතයට පෙර පැවති සංඛ්‍යාවට සමාන බවය.

මේ අතර විදෙස් රටවලින් පැමිණෙන ශිෂ්‍යයින්ට සහ අඩු පුහුණු ශ්‍රමිකයින් සඳහා වීසා නීති දැඩි කිරීමට ද එරට බලධාරීන් තීරණය කර තිබේ.

පසුගිය වසර කිහිපය තුළදී ඔස්ට්‍රේලියාවේ විදෙස් සංක්‍රමණිකයින් විශාල ලෙස ඉහළ ගිය අතර මේ හේතුවෙන් එරට තුළ නිවාස ගැටලුව වැඩිවිය.

ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරිය වන ක්ලෙයා ඔ'නීල් විසින් අද දින වසර 10ක් සඳහා වූ සංක්‍රමණික සැලැස්ම එළිදැක්විය.

මෙම වසරේ ජුනි මාසය වනවිට ඔස්ට්‍රේලියාවට විදෙස් රටවලින් 510,000ක පිරිසක් සංක්‍රමණය වී තිබේ.

Last modified on Monday, 11 December 2023 16:03

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us