දෙවන වාරිකය සදහා IMF විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වේ Featured

Published in පුවත්
Wednesday, 13 December 2023 07:14

ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකමෙහි දෙවන වාරිකය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ, ශ්‍රී ලංකාව සමග එළෙඹ ඇති මාස 48ක විස්තීරණ අරමුදල් පහසුකමේ පළමු සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක මණ්ඩලය විසින් ඊයේ (12) රාත්‍රියේ අවසන් කිරීමත් සමගයි.

ඒ අනුව දෙවැනි වාරිකය යටතේ, ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 337ක් පමණ හිමිවීමට නියමිතව ඇත.

මෙරට ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහය ලබාදීම සඳහා පසුගිය මාර්තු 20 වැනි දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා අදාළ විස්තීරණ ණය පහසුකම අනුමත කළේ ය.

ණය පහසුකම යටතේ මෙරටට හිමි වූ පළමු වාරිකයේ වටිනාකම ඩොලර් මිලියන 330ක් පමණ වේ.

මේ අතර සිය X ගිණුමෙහි සටහනක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, දෙවන වාරිකය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබීමත් සමග ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් පසුකළ අපට සහනදායි ආර්ථික කලාපයකට ඇතුළු වීමට හැකියාව ලැබී ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව පෙන්නුම් කර ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමට පත්වන බවය.

එම සම්පූර්ණ වාර්තාව මෙතැනින්

 

-P.M

Last modified on Wednesday, 13 December 2023 08:33

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us