මහනුවර රුධිර පරීක්ෂාවෙන් ඒඩ්ස් රෝගියෙකු හමුවෙයි, මේ වසරේ මහනුවර දිස්ත්‍රික්කයෙන් ඒඩ්ස් රෝගීන් 31 ක්

Published in පුවත්
Wednesday, 13 December 2023 15:49

මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිට නොමිලේ රුධිරය පරීක්ෂා කිරීමේ වැඩසටහනට එක්වෙමින් රුධිරය ලබාදුන් පිරිස අතරින් ඒඩ්ස් වෛරසය ශරීරගතවී සිටි පුද්ගලයෙකු හඳුනාගෙන තිබේ.

මහනුවර ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය සහ මහනුවර නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් ඉකුත් 01 වනදා මෙම රුධිර පරීක්ෂා කිරීමේ වැඩසටහන දියත් කර තිබුණි. 

මෙහිදී පුද්ගලයින් 386 දෙනෙකු රුධිරය පරීක්ෂා කරගැනීමට පැමිණ තිබෙන අතර ඒඩ්ස් වෛරසය ශරීරගතවූ පුද්ගලයාට අමතරව Syphilis නම් සමාජ රෝගයට ගොදුරු වූ අයෙකු ද හඳුනාගත් බව මහනුවර ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ ප්‍රධානි වෛද්‍ය එම්.අයි.එම්. ලරීෆ් මහතා පැවසීය.

රුධිරය පරීක්ෂා කළ සියලු පුද්ගලයින්ගේ තොරතුරු ඒකකය සතුව පවතින බවත් ඒ අනුව ඒඩ්ස් හා සමාජ රෝගයට ගොදුරු වූ පුද්ගලයින් දෙදෙනා වහාම ඒකකට ගෙන්වා ප්‍රතිකාර ආරම්භ කළ බවත් ඒ මහතා පැවසීය.

වෛද්‍ය ලරීෆ් මහතා වැඩිදුරටත් සඳහන් කළේ අදාළ පුද්ගලයින් දෙදෙනාම වයස අවුරුදු 55ක පමණ වයසැති පුද්ගලයින් වන බවය.

ඒඩ්ස් වෛරසය ශරීරගතවූ බව නොදත් ලිංගික වශයෙන් සක්‍රීය පුද්ගලයෙකු සමාජයේ සැරිසැරීම ඉතා අවදානම් බවත් අනාරක්ෂිත ලිංගික එක්වීමක් සිදුවූයේ නම් රුධිර පරීක්ෂණයක් කරගැනීම අතිශයින් වැදගත් බවත් වෛද්‍යවරයා පැවසීය.

මහනුවර දිස්ත්‍රික්කයෙන් 1991 සිට මෙම වසරේ සැප්තැම්බර් මාසය දක්වා ඒඩ්ස් රෝගීන් 303 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අතරින් 208 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර කාන්තාවන් ගණන 81කි. 

මෙම රෝගීන් අතර වයස අවුරුදු 15ට අඩු පිරිමි ළමුන් 10 දෙනෙකු හා ගැහැණු ළමුන් 04 දෙනෙකු සිටින බව වෛද්‍ය ලරීෆ් මහතා කීය.

මෙම වසරේ මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයෙන් ඒඩ්ස් රෝගීන් 31 දෙනෙකු හඳුනාගෙන ඇත. මෙම වසරේ ඒඩ්ස් රෝගීන් දෙදෙනෙකුම මියගිය බව මහනුවර ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය පවසයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us