ජනවාරි සිට බස් ගාස්තු ඉහළ යන ලකුණු

Published in පුවත්
Thursday, 14 December 2023 08:08

වැට් බදු වැඩි වීමත් සමග ජනවාරි මාසය තුළ බස් ගාස්තු සංශෝධනයක් ද සිදුවිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන බවයි එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ.

"ජනවාරි මාසයේ සිට බස් රථ ආනයනයේ දී සාමාන්‍ය බස්රථයක් වෙනවා එක්කෝටි පනස් හත් ලක්ෂයක්. වැට් එකේ 18% වැඩි වීමත් එක්ක සාමාන්‍යයෙන් තව ලක්ෂ 20ක්වත් වැඩිවෙනවා. ඒ ගාණට බස් එකක් ගෙනල්ලා සාමාන්‍ය ජනතාව ප්‍රවාහනය කරන්න බස්හිමියන්ට හැකියාවක් නෑ. ඒ හා සමඟම අමතර කොටස් මිල, තෙල් මිල, සේවා ගාස්තු සියල්ලම වැඩිවෙනවා. බරපතළම කරුණ තමා ඉන්ධන මිල වැඩිවීම. වැට් එක ඉන්ධනවලට ආදේශ කරලා තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම ඩීසල් මිලත් වැඩිවෙනවා. අවධානම තියෙන්නේ ජනතාවට. මේ සියල්ල වැඩිවුණොත් නැවත වරක් බස් ගාස්තු වැඩි කිරීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ ගැන ජනාධිපතිවරයා සමග සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග කඩිනමින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා."

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us