STF අධ්‍යක්ෂකගේ නිවාස බිඳපු සෙබළු මාට්ටු

Published in පුවත්
Sunday, 24 August 2014 10:57

පොලිස් විශේෂ කාර්යාංශයේ අධ්‍යක්ෂක වරයාට අයත් වාද්දුව මොරොන්තුඩුව පාරේ දෙමහල්  නිවසට ඇතුළු වී රුපියල් එක්ලක්ෂ හැට දෙදහසකට ආසන්න වටිනාකමින් යුත් භාණ්ඩ සහ මුදල් සොරකම් කළ බව කියන තිදෙනෙකු වාද්දුව පොලිසිය මගින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන ඇත.

මීට මාස තුනකට පමණ ඉහතදී පොලිස් විශේෂ කාර්යාංශයේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා නිවසින් බැහැර ව සිටි දිනකදී ගරාජයෙන් නිවසට ඇතුළු වී එහි තිබූ රුපියල් එක්ලක්ෂ හැට දෙදහසකට පමණ ජංගම දුරකථන,ටැබ් යන්ත්‍ර ,රන් ආභරණ.විස්කි බෝතල කිහිපයක් සහ ඩොලර් හා සුඩාන් ඇතුළු විදෙස් මුදල් මෙසේ සොරකම් කොට තිබිණ. 

සොරකම් කළ ටැබ් යන්ත්‍රයෙන් සැකකරුවන් සිදු කළ පණිවිඩ හුවමාරුවක් ඔස්සේ මෙම සොරකමේ සුල මුල හෙළි කොට ගෙන ඇත.
 
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වාද්දුව සහ මුන්දලම ප්‍රදේශ වල වයස අවුරුදු 20 -25 ත් අතර සැකකරුවන් තිදෙනෙකි

.මින් දෙදෙනෙකු යුධ හමුදාවෙන් පලා ආ අය වන අතර ඉන් එක අයකු ශ්‍රී ලංකාවේ ලියාපදිංචි අපරාධකරුවන්ගේ  ලයිස්තුවේ සිටින අයකු බවද පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

මීට පෙර වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ නිවසකින් ලැප් ටොප් පරිඝනකයක් සොරකම් කොට සිරගතව පැමිණි මින් එක අයකුට පෙර වැරදි ඇති අයකු බවද පොලිසිය පවසයි.

සොරකම් කරන ලද භාණ්ඩ සහ මුදල්ද නේපාල ගුරුකාවරුන් භාවිතා කරන බව කියන වටිනා පිහියක්ද සැකකරුවන් සන්තකව තිබී අත්අඩංගුවට ගෙන ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us