ලංකාවේ තැඹිලි වලට පිටරට හොද ඉල්ලුමක් -අපනයනය ඉහළ දැමීමටත් පියවර

Published in පුවත්
Friday, 15 December 2023 07:47

මෙරට තැඹිලි සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ මාසයකට තැඹිලි කන්ටේනර් 200ක් එරටට අපනයනය කෙරෙමින් පවතින බවය.

එසේ වුවත් මෙතෙක් වැවිලි බෝගයක් වශයෙන් නොව ගෙවතු වගාවක් ලෙස සිදු කෙරෙන තැඹිලි වගාව පළමුවරට අපනයනය ඉලක්ක කරගත් වගාවක් ලෙස වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අද (14 ) පියවර ගත්තේය.

ඒ අනුව ලංකාවේ ප්‍රථම තැඹිලි වගා ආදර්ශ ගම්මානය ලෙස මුරුතවෙල ඉහළ ප්‍රදේශය සංවර්ධනය කිරීමේ කටයුතු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

නියමු ව්‍යාපෘතියක් වශයෙන් ප්‍රථමයෙන් තැඹිලි පැළ 1,500ක් මෙම ප්‍රදේශයේ ගෙවතු ආශ්‍රිතව රෝපණය කෙරේ. ඒ සඳහා අවශ්‍ය ගුණාත්මක භාවයෙන් ඉහළ තැඹිලි පැළ බෙදාදීම අද දින අමාත්‍යවරයා අතින් සිදු කෙරුණි. එක් ගෙවත්තකට තැඹිලි පැළ 10ක් බැගින් ලබාදීමට සැලසුම් කර තිබේ.

මෙරටින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අපනයනය කරන තැඹිලි ගෙඩියක් එරට වෙරළ කලාපයේ රුපියල් 2,500 ක් වැනි ඉහළ මිලකට අලෙවි කෙරේ. මේ වනවිට එරට තැඹිලි සඳහා ඇති ඉල්ලුම තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ.

පොල් සංවර්ධන අධිකාරිය මැදිහත්වීම මත තැඹිලි අපනයනය සඳහා නියාමන ක්‍රමවේදයක් සැකසීම නිසා මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තැඹිලි ගෙඩියක් සඳහා එරට වරායේදී ඩොලර් 0.8 (දළ වශයෙන් රුපියල් 296) ක මුදලක් හිමිවෙයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙරටින් සතියකට තැඹිලි ගෙඩි 252,000 ක් පමණ අපනයනය කෙරේ.

තැඹිලි අපනයනය කිරීමෙන් ඉකුත් වසරේදී (2022) රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා ඇති අතර, මේ වසරේදී (2023) අපේක්ෂිත ආදායම රුපියල් බිලියන හයකි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ ලොව රටවල් ගණනාවක් තැඹිලි වගා කිරීමට උත්සාහ දරා ඇතත් එම උත්සාහ සියල්ල අසාර්ථක වී ඇති බවය.

ලෝකයේ රසවත්ම තැඹිලි ශ්‍රී ලංකාවේ තැඹිලි බවත් එම නිසා Sri Lanka Sweet Coconut සන්නාමය සහිතව ඉදිරියේදී මෙරට තැඹිලි ලොව තුළ ජනප්‍රිය කරවීම සඳහා පියවර ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

-දෙරණ

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us