ලිංගික කටයුතු ගැන පාසල් දරුවන්ගෙන් 97.3% කට අවබෝධයක් නැහැ

Published in අනං මනං
Friday, 15 December 2023 08:03

ලිංගික සංසර්ගයට කැමැත්ත පළ කිරීමේ අවම වයස පිළිබඳ වයස අවුරුදු 14-16ත් අතර පාසල් දරුවන්ගෙන් 97.3% කට අවබෝධයක් නොමැති බව සමීක්ෂණයකදී හෙළිවී තිබේ.

මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය, නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ මහතා මහනුවර කලාපයේ පාසල් සිසු සිසුවියන් 72කට ප්‍රශ්න 50ක් යොමුකර ලබාගත් පිළිතුරු විශ්ලේෂණය කිරීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්තිය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව වෙනුවෙන් සිදුකළ මෙම සමීක්ෂණයට පිරිමි ළමයින් 36 දෙනකු සහ ගැහැනු ළමයින් 36 දෙනකු සම්බන්ධ කරගෙන තිබේ.

සිංහල ජාතික සිසුන් 30ක් මුස්ලිම් ජාතික සිසුන් 30ක් සහ දෙමළ ජාතික සිසුන් 12ක් සම්බන්ධ කර ගනිමින් සිදු කළ සමීක්ෂණයේදී ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයකින් (වයස අවුරුදු 16ට අඩු කාන්තාවක් සමඟ ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික සංසර්ගයේ යෙදීම) පසුව සිදුවන ගැබ් ගැනීමකදී ගබ්සා කිරීමට මෙරට නීතියෙන් අවසරයක් නොමැති බව දැන සිට ඇත්තේ 20.8 % බව ද අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතිය අනුව මුස්ලිම් ස්ත්‍රියකට විවාහ විය හැකි අවම වයස අවුරුදු 12ක් වන අතර, කාතිවරයාගේ අනුමැතියට යටත්ව වයස අවුරුදු 12ට අඩු ස්ත්‍රීන්ට ද විවාහ වීමට පුළුවන. මෙම තත්ත්වය පිළිබඳ නිවැරැදි දැනුමක් තිබී ඇත්තේ දත්ත දායකයින් දෙදෙනකුට පමණි. ඒ අනුව 97.3% කට මේ සම්බන්ධව දැනුමක් නොමැති බව සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.

ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයකදී ලබාදෙන දඬුවම අවුරුදු 10 සිට 20 දක්වා සිරදඬුවමක් වන අතර, ඒ සම්බන්ධ දැනුම 58.3% ක් සතුව තිබී ඇත.

ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයකදී නෛතික කටයුතු කරා යොමු වීමට වින්දිත ස්ත්‍රියගේ කැමැත්ත අත්‍යවශ්‍ය නොවන අතර, ඒ බව දැන සිට ඇත්තේ සමීක්ෂණයට එක් වූ පිරිසෙන් 34.7 % ක් පමණි. බාලවයස්කාර දැරියක් ගැබ් ගත් අවස්ථාවක ගැබ විනාශ කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකාවේ නීතියට අනුව නොහැකි බව දැන සිට ඇත්තේ මෙම පිරිසෙන් 20.8 % කි.

ලිංගික චර්යාවන් සහ ඒ හා සම්බන්ධිත නීතිය පිළිබඳ දැනුම වැඩි කිරීම කාලෝචිත අවශ්‍යතාවක් බව වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා සමීක්ෂණය මඟින් පෙන්වා දෙයි.

-දිනමිණ

-P.M

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us